මාතර පාසලක පන්ති 10 කට අද නිවාඩු දෙයි

නාය යාමේ අවදානමක් හේතුවෙන් මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10ක සිසුන්ට අද (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව එම විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට අද මෙලෙස පාසල් නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබෙයි .

තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 06 සහ 08 ශ්‍රේණිය පවත්වාගෙන යනු ලබන දෙමහල් ගොඩනැගිල්ල පිටුපස පස් කන්දක් සුළු නායයෑමේ තත්ත්වයක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙලෙස පන්ති 10කට නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇති බව වාර්තා වෙයි .