මහමැතිවරණ අපේක්ෂකයෙක් හදිසියේ මිය යයි

යාපනය දිස්ත්‍රීක්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටි තරුණ අපෙක්ෂක්යෙකුහට ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන්  මිය ගොස්  තිබෙයි.

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සෙන්දිවේල් තිමිළණියන්  නැමති අපෙක්ෂකයා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන්ඩ(තැපල් පෙට්ටියෙන්) වැල්වැටිතුරෙයි උඩුප්පිඩ්ඩි ආසනය වෙනුවෙන් තරඟ වැඳීම සඳහා අපෙක්ෂකත්වය ලබා ගෙන තිබුණි

කෙසේ වෙතත් දින 4 කට පෙර ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් යාපනය වැල්වැටිතුරෙයි රෝහලට ඇතුලත් කොට පසුව වැඩිදුර පතිකාර සඳහා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට තිබූ අතර පසුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලස මිය ගොස් තිබුණි.

මිය ගිය අපෙක්ෂකයාගේ සිරුර පේදුරුතුඩුව රෝහලේ තැන්පත් කොට පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යොමු කොට ඇති බවයි පේදුරුතුඩුව පොලිසිය වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.