පීට්සා සමඟ කොකේන් සප­යන අව­න්හ­ලක් බට­හිර ජර්මානු පොලි­සිය වට­ලයි

මෙනු කාඩ්ප­තට ඇතු­ළත් එක්තරා පීට්සා විශේ­ෂ­යක් ඇණ­වුම් කරන සියලු පාරි­භෝ­ගි­ක­යන්ට කොකේන් මත්ද්‍රව්‍ය සැප­යීමේ ජාවා­ර­මක් බට­හිර ජර්මානු පොලි­සිය විසින් හෙළි­ද­රව් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොලි­සි­යට මේ පිළි­බඳ තොර­තුරු ලැබී ඇත්තේ පසු­ගිය මාර්තු මාස­යේදී වන අතර, මාස ගණ­නා­වක් පුරා එම අව­න්හලේ කට­යුතු නිරී­ක්ෂ­ණය කළ බට­හිර  ජර්ම­නියේ පොලි­සිය එම පීට්සා අව­න්හ­ල වැට­ලී­මට පිය­වර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

බට­හිර ජර්ම­නියේ ඩිස්ල්ඩෝෆ් නුවර පිහිටි එම අව­න්හල වැට­ලී­මෙන් පසු පොලිස් නිල­ධා­රීන් එහි කළ­ම­නා­කරු ලෙස කට­යුතු කරන 36 හැවි­රිදි හිමි­කරු සොයා ඔහු පදිං­චිව සිටි නිවාස සංකී­ර්ණ­යට ගිය මොහොතේ ඔහු මත්ද්‍රව්‍ය අඩංගු ගමන් මල්ලක් කවු­ළු­වෙන් පිට­තට විසි­කර ඇතැයි ද, නිවාස සංකී­ර්ණයේ පහළ සිටි පොලිස් නිල­ධා­රීන්ගේ අත­ටම එම ගමන් මල්ල වැටී ඇතැයි ද වාර්තා වේ. මීට අම­ත­රව කොකෙන් කිලෝ­ග්‍රෑම් 1.6ක්, කංසා ග්‍රෑම් 400ක් සහ පවුම් ලක්ෂ දෙක­කට අධික මුදල් ප්‍රමා­ණ­යක් ඔහුගේ නිවෙසේ තිබී සොයා­ගත් බව පොලි­සිය ප්‍රකාශ කර තිබේ.

දින කිහි­ප­ය­කට පසු කළ­ම­නා­කරු නිද­හස් කර ඇතැයි ද, ඔහු නැවත සිය අව­න්හලේ පීට්සා විශේ­ෂ­යක් සමඟ කොකෙන් සැප­යීමේ කට­යු­තු­වල නිර­ත­වීම හේතු­වෙන් යළි අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි ද වාර්තා වේ.

පොලි­සිය එම මත්ද්‍රව්‍ය ජාවා­රම හෙළි කර­ගැ­නී­මෙන් පසු නිල­ධා­රීන් 150කට අධික පිරි­සක් කංසා වගා­බිම් කිහි­ප­යක් ද වටලා ඇති අතර, අවි­ආ­යුධ, මුදල් සහ සුඛෝ­ප­භෝගී අත්ඔ­ර­ලෝසු රැසක් ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි වාර්තා වේ.