තුර්කි ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

අන්කාරා තුර්කි ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම මධ්‍යස්ථානය වෙත ඇතුළු වූ ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් 22කු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්තවාදීන් දෙදෙනා ද මියගොස් තිබෙනවා.

එම ත්‍රස්තවාදීන් පැමිණි ආකාරය අන්කාරා තුර්කි ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආරක්‍ෂිත කැමරාවල සටහන් වී ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.