විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ ඉදිරි වසර තුන ඇතුළත පාකිස්තානයේ බාහිර මූල්‍ය අවශ්‍යතා අමෙරිකානු ඩොලර් බිලියන 62.6ක් දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර අරමුදල ප්‍රකාශ කර ඇතැයි ද, විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ල පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉදිරි වසර 5ක කාලය තුළ පාකිස්තානයේ බාහිර මූල්‍ය අවශ්‍යතා අමෙරිකානු ඩොලර් බිලියන 110.5 දක්වා වර්ධනය වනු ඇතැයි ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනාවැකි පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
වත්මන් මූල්‍ය වර්ෂය සඳහා පාකිස්තානයේ බාහිර මූල්‍ය අවශ්‍යතා ඩොලර් බිලියන 18.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයි ද, එය වසර 2025-2026 කාලයේදී ඩොලර් බිලියන 20 දක්වා ද, 2026-2027 කාලයේදී ඩොලර් බිලියන 237 දක්වා ද වර්ධනය වනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
පාකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතාව අනුව ඉදිරි වසර තුනක කාලයෙන් පසු එම වැඩසටහන අවසන් වූවද, පාකිස්තානයේ මූල්‍ය අවශ්‍යතාව ඉහළ මට්ටමක පවතිනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ අනුව ඉදිරියේදී පාකිස්තානයට සිය විදේශීය ණය බර කළමනාකරණය කරගැනීමට දැඩි උත්සාහයක නිරතවීමට සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.