ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම ගෝලීය ප්‍රජාව තුළ සාමය සහ සමෘද්ධිය සඳහා දායක වන ප්‍රධාන ගෝලීය හවුල්කරුවකු වන ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) තම 70 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරීමට කටයුතු සංවිධානය කර තිබේ. 1954 වසරේදී පිහිටුවා තිබෙන මේ ඒජන්සිය ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල ආර්ථික සහ සමාජීය දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙන අතර, මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මෙරට නේවාසික නියෝජිත ටෙට්සුයා යමාඩා මහතා පවසයි.
ආසියා සහ ශාන්තිකර කලාපයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් 1951 වසරේදී ස්ථාපිත කළ කොළඹ ක්රමයේ සාමාජික රටක් වශයෙන් මෙන්ම 15 වැනි සාමාජික රට වශයෙන් ජපානය එක්ව තිබෙන අතර, එය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පිහිටුවන ලද පළමු ජාත්‍යන්තර සංවර්ධන සංවිධානය විය.
මානව සම්පත් සංවර්ධනය සහ දකුණු-දකුණු සහයෝගිතාව වැඩි දියුණු කිරීම සඳහා ස්වයං උපකාර සහ අන්‍යෝන්‍ය උපකාරය ප්‍රධාන වශයෙන් තාක්ෂණික සහයෝගීතාවය, බෙදාගැනීම සහ දැනුම සහ අත්දැකීම් එහි සාමාජිකයින් අතර හුවමාරු කර ගැනීම එහි මූලික අරමුණ වූ බව පෙන්වාදෙන ටෙට්සුයා යමාඩා මහතා ජාත්‍යන්තර සංවර්ධන ක්ෂේත්රයේ ශ්‍රී ලංකාව මූලිකත්වය ගත්තේ කොළඹ ක්‍රමය පමණක් නොවන බවද පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාව, බුරුමය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පකිස්ථානය යන රටවල් පහ කොළඹ බලවතුන් අතුරින් එක් වූ අතර, 1954 දී කොළඹ සමුළුවට සත්කාරකත්වය සැපයූ බවද 1955 දී ඓතිහාසික Bundung සමුළුව (ආසියානු-අප්‍රිකානු සමුළුව) වෙත යොමු වූ බවද පවසන ඒ මහතා එහිදී ලෝක ජනගහනයෙන් අඩක් පමණ නියෝජනය කරන රටවල් 29 ක් ගෝලීය දකුණ ලෙස සහයෝගිතාව වෙනුවෙන් එක්වූ බවද කියා සිටී. 1954 දී ශ්‍රී ලංකාව තුළ මේ සංවර්ධන සහයෝගිතාව ආරම්භයේ සිටම, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ව්‍යාපෘති සහ වැඩසටහන් 120කට ආසන්න ප්‍රමාණයක් සඳහා ණය වශයෙන් ජපන් යෙන් ට්‍රිලියන 1.1කට අධික ප්‍රමාණයක් පිරිනමා ඇතැයිද ඔහු පවසයි. මේ ණය බහුතරය ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදාගෙන ඇති අතර, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය 1980 සිට 1999 දක්වා කොළඹ වරාය සංවර්ධනය සඳහා ජපන් යෙන් බිලියන 85ක ණය මුදලක් අවස්ථා 11කදී ප්රදානය කළ බවද ටෙට්සුයා යමාඩා මහතා පවසයි.