ජංගම පොල් අලෙවි කිරීම ඇරඹෙයි

පවතින අධික මිල හේතුවෙන් මහජනතාව වෙත සහන සැලසීම අරමුණු කර ගනිමින් දිවයිනේ තදාසන්න ප්‍රදේශවලදී මහජනතාව වෙත සහන මිලට පොල් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ උපදෙස් මත පොල් වගා කිරීමේ මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සමාගම් එක්ව මෙම වැඩසටහන ආරම්භ කර ඇති බව සඳහන්.

නාගරික තදාසන්න ප්‍රදේශවලදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය නිවේදනය කර තිබෙන්නේ.