මෙරට අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා අතර හමුවක් කොළඹ ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය. ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන්ම බස්නාහිර පළාත ගොඩනැඟීම සහ බස්නාහිර පළාතේ හඳුනාගත් ගැටලුවලට විසඳුම් සලසාගැනීම පිළිබඳවද එහිදී ආණ්ඩුකාරවරයා තානාපතිනියගේ අවධානය යොමු කළ බව ආණ්ඩුකාර කාර්යාල තොරතුරු සඳහන් කළේය.