අපි සැම එක් වී මම ශ්‍රී ලාංකි­ක­යෙක් යන හැඟීම තිබෙන රටක් ගොඩ­න­ඟමු-‘රට හදන අපි එකට මාලි­මා­වට’ ත්‍රිකු­ණා­ම­ලය ජනතා රැලි­යට එක් වෙමින් ජන­පති පව­සයි

හැමෝ­ටම ‘මම ශ්‍රී ලාංකි­ක­යෙක්’ යන හැඟීම තිබෙන රටක් ගොඩ­න­ඟන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ ‘රට හදන අපි එකට මාලි­මා­වට’ මැයෙන් ත්‍රිකු­ණා­ම­ලය ජය­ග්‍රාහි ජනතා රැලිය ඊයේ (23) පෙර­ව­රුවේ අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­ප­ති­ව­රයා:

“ශ්‍රී ලංකාවේ ප්‍රබ­ල­තම වෙන­සක් සිදු කිරීම වෙනු­වෙන් ජාතික ජන බල­වේ­ගයේ අපි ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කළා; ඉන් පසුව ඉතා කෙටි කාල­යක් ඇතු­ළත පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැර, නව පාල­න­යක් ගොඩ­න­ඟා­ගැ­නීමේ අව­ස්ථාව ජන­තා­වට සලසා දුන්නා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසුව ශ්‍රී ලංකා­වේත්, ලෝක­යේත් ඉති­හා­ස­ගත වන තුන්දෙ­න­කුගේ ආණ්ඩු­වක් අප පව­ත්වා­ගෙන යනවා. මහා මැති­ව­ර­ණය අව­සන් වන තුරු ජන­තා­වගේ අත්‍ය­වශ්‍ය සේවා බිඳ­නො­වැටී, ආර්ථි­කය බිඳ­නො­වැටී, රටේ ආර­ක්‍ෂාව බිඳ­නො­වැටී පව­ත්වා­ගෙන යෑමේ වග­කීම අප තුන්දෙ­නාට පැවරී තිබෙ­නවා. නොවැ­ම්බර් 14 දිනට පසුව පාර්ලි­මේ­න්තුවේ ජාතික ජන බල­වේ­ගයේ මන්ත්‍රී­ව­රුන් විශාල පිරි­සක් අතු­රින් විසි­ප­ස්දෙ­න­කුට අඩු කැබි­නට් මණ්ඩ­ල­යක් පිහි­ටු­වා­ග­න්නවා. රාජ්‍ය අමාත්‍ය ධුර නැහැ.

“පාර්ලි­මේ­න්තුව සුද්ද කර අලුත් කිරී­මට පෙළ­ගැ­සෙන අතරේ හිටපු හැට­දෙ­දෙ­න­කුම ස්වේච්ඡා­වෙන්ම ඉවත් වී ගිහින් තිබෙ­නවා. මාලි­මාවේ අවංක, අදූ­ෂිත වාගේම ජන­තාව වෙනු­වෙන් ඕනෑම අභි­යෝ­ග­යක් ජය­ග්‍ර­හ­ණය කළ හැකි අය­ගෙන් පාර්ලි­මේ­න්තුව පුර­වන්න. ඒ වෙනු­වෙන් ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්ක­යෙන් හොඳම දාය­ක­ත්ව­යක් දෙන්න.

“අනෙ­කුත් පක්‍ෂ ඡන්ද ව්‍යාපා­රය පට­න්ගන්න කොටම පරා­ජය පිළි­ගෙන ඉව­රයි. අපේ රටේ තිබෙන ප්‍රධාන අභි­යෝග කිහි­ප­යක් ජය ගන්න ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්ක­යෙන් ශක්ති­මත් ජය­ග්‍ර­හ­ණ­යක් ජාතික ජන බල­වේ­ග­යට අව­ශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර දීර්ඝ කාල­යක් සැකය, වෛරය, ක්‍රෝධය, අවි­ශ්වා­සය පතු­රුවා තිබුණා. ඒ තුළ දෙමළ ජන­තාව දෙමළ පක්‍ෂ­ව­ල­ටත්, මුස්ලිම් ජන­තාව මුස්ලිම් පක්‍ෂ­ව­ල­ටත් තල්ලු කරනු ලැබුවා. ඊට පස්සේ ඒ පක්‍ෂ­වල කරට අත දාගෙන ආණ්ඩු බලය තහ­වුරු කර­ගැ­නීමේ දේශ­පා­ල­න­යක් ඔවුන් ගෙන­ගියා. ත්‍රිකු­ණා­ම­ලය නග­රය සහ දිස්ත්‍රි­ක්කය සිංහල, දෙමළ, මුස්ලිම් ජන­තාව සම­ඟි­යෙන් ජීවත් වන තත්ත්වය වෙනු­වට ජන­තාව බෙදලා ගැටුම් ඇති කර­මින්, ඔවුන්ගේ පාල­නය ගෙන ගියා. සිංහල, දෙමළ, මුස්ලිම් ජන­යාගේ සම­ඟියේ පක්‍ෂය තමයි, ජාතික ජන බල­වේ­ගය. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී දෙමළ සහ මුස්ලිම් ජන­තාව අප ජය­ග්‍ර­හ­ණය කරාවි යැයි විශ්වාස කළේ නැහැ. ඒ නිසා මහ මැති­ව­ර­ණ­යට පිවි­සෙන්නේ අප ජය­ග්‍ර­හ­ණය කර තිබෙන පසු­බි­මක සියලු ජන­තාව සම­ගියේ එක කුඩ­යක් යට­තට ඇවිත්, සෙවණ ලබා­ගැ­නී­ම­ටයි. එය කළ හැක්කේ ජාතික ජන බල­වේ­ග­යට පම­ණයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන­තාව විශ්වාස කරන, සියලු ජන­තා­වගේ ආශී­ර්වා­දය තිබෙන ආණ්ඩුව පිහි­ටු­විය හැක්කේ ජාතික ජන බල­වේ­ග­යට පම­ණයි.”

ජාතික ජන බල­වේ­ගයේ නාය­ක­යන් සහ ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර අපේ­ක්ෂ­ක­යන් ඇතුළු විශාල පිරි­සක් මේ රැලි­යට සහ­භාගි වූහ.