නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ ගේ බාල පුත්‍රයා වන 67 හැවිරිදි ලී සියෙන් යැං බ්‍රිතාන්‍යයේ දේශපාලන සරණාගතභාවය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුට බ්‍රිතාන්‍ය සරණාගතභාවය පිරිනමා ඇත්තේ පවුලේ ආරවුලක් හේතුවෙන් දැඩි හිංසනයට හා පීඩනයට ලක්වීම හේතුවෙන් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඔහු කාලයක් පුරා බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලා සිටි බවත්, බ්‍රිතාන්‍ය රජයෙන් ඔහුට වසර පහක කාලසීමාවකට සරණාගත තත්ත්වය පිරිනමා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
වසර 20ක් සිංගප්පූරුවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ සිය වැඩිමල් සොහොයුරු ලී සියෙන් ලූන්ග් ඇතුළු රජයෙන් තමාට එම හිංසනයට හා පීඩනයට ගොදුරුවීමට සිදුවූ බව ලී සියෙන් යැං ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෙසේ වුවද සිංගප්පූරු රජය මේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ලී සියෙන් යැංට නැවත සිංගප්පූරුවට පැමිණ ජීවත්වීමට නිදහස ඇතැයි සිංගප්පූරු රජය වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.
වසර 25ක කාලයක් සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස අගමැතිධුරයේ කටයුතු කළ ලී ක්වාන් යූගේ අවෑමෙන් පසු ඔහු පදිංචිව සිටි නිවෙසේ හිමිකාරීත්වය සම්බන්ධව පවුලේ ආරවුලක් ඇතිවූ අතර, ලී සියෙන් යැං රටින් පිටුවහල් වී ඇත්තේ සිය වැඩිමල් සොහොයුරා අගමැතිධුරයේ බලතල භාවිත කරමින් ඔහුට හිංසා පීඩා කිරිම හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.