බංග්ලා­දේශ ‘ඒ’ පර­දවා ශ්‍රී ලංකා ‘ඒ’ පිල අව­සන් පූර්ව වට­යට

නැඟී එන කණ්ඩා­යම් අතර පැවැ­ත්වෙන ආසි­යානු කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ‘ඒ’ කාණ්ඩ­යෙන් අව­සන් පූර්ව වට­යට එක්වන දෙවැනි කණ්ඩා­යම තෝරා ගැනීම සඳහා පැවති තීර­ණා­ත්මක තර­ග­යෙන් බංග්ලා­දේශ ‘ඒ’ පිල පර­දවා ලකුණු 19ක ජයක් හිමි­කර ගැනී­මට ශ්‍රී ලංකා ‘ඒ’  කණ්ඩා­යම සමත් විය.

ඕමා­නයේ අල් ඇම­රට් ක්‍රීඩාං­ග­ණ­යේදී පෙරේදා රාත්‍රියේ පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 161ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා ගිය බංග්ලා­දේශ ‘ඒ’  පිලට ඕවර 20 අව­සා­නයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 142ක් පමණි.

මේ ජය සමඟ ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගනි­මින් පළමු අව­සන් පූර්ව තර­ග­යට එක්වී­මට ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට හැකි වූ අතර, එම කාණ්ඩයේ දෙවැනි තැනට පත්වූ ඇෆ්ග­නි­ස්තා­නය දෙවැනි අව­සන් පූර්ව තර­ග­යට සුදු­සු­කම් ලැබීය.

අබු හයි­දර් පන්දු 25කදී නොදැවී ලකුණු  38ක් රැස් කර­මින් බංග්ලා­දේ­ශය ජය­ග්‍ර­හ­ණය කරා ගෙන යෑමට උත්සාහ කළ ද එය අසා­ර්ථක විය. ආර­ම්භක පිති­කරු සයිෆ් හසන් ලකුණු 29ක් රැස් කර සිටි­යදී ආබා­ධ­ය­කට ලක්වූ අතර, පර්වේස් හොසේන් ලකුණු 24ක් රැස් කළේය. පන්දු යැවී­මේදී ලකුණු 23කට කඩුලු 3ක් බිඳ දැමූ දුෂාන් හේමන්ත තර­ගයේ වීරයා ලෙස නම් කෙරිණි.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනු­වෙන් වේග­වත් ඉනි­මක් ක්‍රීඩා කළ පවන් රත්නා­යක පන්දු 26කින් ලකුණු 42ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සම­ඟිනි. ළහිරු උදාර පන්දු 21කින් ලකණු 35ක් සහ සහන් ආර­ච්චිගේ ලකුණු 30ක් ඉනි­මට එක් කළහ.

ශ්‍රී ලංකා ‘ඒ’ – 161/7 (ඕවර 20) පවන් රත්නා­යක 42, ළහිරු උදාර 35, සහන් ආර­ච්චිගේ 30, යශෝධ ලංකා 23 (රහ්මාන් රාජා 35/2, රිපොන් මොන්ඩෙල් 36/2)

බංග්ලා­දේශ ‘ඒ’ – 142/7 (ඕවර 20) අබු හයි­දර් නොදැවී 38, සයිෆ් හසන් 29, පර්වේස් හොසේන් 24 (දුෂාන් හේමන්ත 23/3)