පැතුම් විස්සයි20දීත් මුල් 10 අත­රට-තීක්ෂණ-කමිඳු ඉහළ යති

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය ඊයේ නිකුත් කළ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව විස්සයි20 පිටියේ මුල් ක්‍රීඩ­ක­යන් දස දෙනා අත­රට එක්වී­මට ශ්‍රී ලංකා ආර­ම්භක පිති­කරු පැතුම් නිශ්ශංක සමත්ව සිටියි.

එක්දින ක්‍රිකට් ශ්‍රේණි­ගත කිරී­ම්වල 7 වැනි තැන රැඳී සිටින පැතුම් කොදෙව් පිලට එරෙහි නිමා වූ විස්සයි20 තර­ගා­ව­ලි­යේදී අර්ධ ශත­ක­යක් සමඟ ලකුණු 104ක් රැස් කිරී­මට සමත් වූ අතර, ඒ හේතු­වෙන් 12 වැනි ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදි­රි­යට ඒමට සමත්ව තිබේ. ඒ අනුව එක්දින සහ විස්සයි20 ශ්‍රේණි­ගත කිරී­ම්වල ඉදි­රි­යෙන්ම සිටින පිති­කරු වන්නේ පැතුම් නිශ්ශං­කය.

ආර­ම්භක පිති­කරු කුසල් මෙන්ඩිස් විස්සයි20 පිති­ක­රු­වන් අතර 12 වැනි තැනට පත්ව ඇත්තේ ස්ථාන 6ක් ඉහළ නඟි­මිනි. කුසල් පෙරේරා ස්ථාන 17ක් (42) ඉදි­රි­යට පැමිණි ඇති අතර, පන්දු යව­න්නන් අතර තෙවැනි ස්ථානය හිමි කර ගැනී­මට මහීෂ් තීක්ෂණ සමත්ව ඇත්තේ ස්ථාන 2ක් ඉහළ යමිනි. වනිඳු හස­රංග එක් ස්ථාන­යක් (6), මතීෂ පති­රණ ස්ථාන 3ක් (53) ඉහ­ළට ඒමට සමත්ව සිටිති.

එක්දින ශ්‍රේණි­ගත කිරීම් අනුව චරිත් අස­ලංක ස්ථාන 2ක් (12), ජනිත් ලිය­නගේ ස්ථාන 11ක් (60) ඉහ­ළට යද්දී කොදෙ­ව්වන්ට එරෙ­හිව පළමු තර­ගයේ දැක්වූ දස්කම් මත වනිඳු හස­රංග එක්දින පිටියේ ස්ථාන 12කින් ඉදි­රි­යට පැමිණ 18 වැනි තැන හිමි කර ගනිද්දී දුනිත් වෙල්ලා­ලගේ ස්ථාන 9ක් (47) සහ ජෙෆ්රි වැන්ඩර්සේ ස්ථාන 7ක් (90) ඉහ­ළට ගොස් තිබේ.

මේ අතර සිය ඉහ­ළම ශ්‍රේණි­ගත ලකුණු සංඛ්‍යාව සට­හන් කර­මින් ටෙස්ට් පිති­ක­රු­වන් අතර 10 වැනි තැන අත්කර ගැනී­මට කමිඳු මෙන්ඩිස් (716) සම­ත්වීම කැපී පෙනේ. ඔහු එක් ස්ථාන­යක් ඉදි­රි­යට පැමිණ ඇති අතර, දිමුත් කරු­ණා­රත්න ස්ථාන 2ක් (15), ධනං­ජය ද සිල්වා එක් ස්ථාන­යක් (17) සහ ප්‍රභාත් ජය­සූ­රිය පන්දු යව­න්නන් අතර ස්ථාන­ය­කින් ඉදි­රි­යට පැමිණ සිටිති. ප්‍රභාත් ඉන්දි­යාවේ රවින්ද්‍ර ජඩේජා සමඟ 6 වැනි තැන සිටී.