ඩ්‍රෝන කැම­රා­වක් නොරො­ච්චෝල බලා­ගා­ර­යට කඩා වැටෙයි

නොරො­ච්චෝල ලක්වි­ජය බලා­ගා­රය උඩින් පියා­සර කර­මින් තිබූ ඩ්‍රෝන කැම­රා­වක් බලා­ගාර භූමි­යට ඊයේ (23) කඩා වැටී­මත් සමඟ ගුවන් හමු­දාව හා අනි­කුත් ආර­ක්ෂක අංශ එක්ව විශේෂ විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව පුත්ත­ලම ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය.

මෙම ඩ්‍රෝන කැම­රාව නොරො­ච්චෝල ලක්වි­ජය බලා­ගා­රය උඩින් ඊයේ දහ­වල් පියා­සර කර­මින් තිබිය දී මෙලෙස කඩා බලා­ගාර භුමි­යට කඩා වැටී­ම­කට ලක්වී ඇති බව ආර­ක්ෂක අංශ පව­සයි.

මෙම ඩ්‍රෝන කැම­රාව කිසි­වකු විසින් ගුව­න්ගත කර ලක්වි­ජය බලා­ගාර භූමිය ඡායා­රූ­ප­ගත කිරී­ම­කට ලක්කර ඇති බවට සැක කරන බව ආර­ක්ෂක අංශ පව­සයි.  කෙසේ වෙතත් නීත්‍ය­නු­කුල අව­ස­ර­ය­කින් තොරව මෙලෙස ඩ්‍රෝන කැම­රා­වක් බලා­ගා­රය උඩු ගුවනේ ගුව­න්ගත කිරීම නීති විරෝධී කට­යු­ත්තක් බව කියයි.  අදාළ ඩ්‍රෝන කැම­රාව කුමන හේතු­වක් මත මෙලෙස ගුවන් ගත කර ඇති දැයි සොයා බැලී­මට මේ වන­විට විශේෂ විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව කියයි.