කෙහෙ­ළි­යගේ නම ගැලවී කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මි­කයේ නව නාම පුව­රුව විවෘත කරයි

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­ප­යට අයත් කුණ්ඩ­සාලේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය ලෙස වෙනස් කිරී­මට අනු­මැ­තිය ලැබී­මෙන් පසු නව නාමපුව­රුව විවෘත කිරීම ඊයේ (23) පෙර­ව­රුවේ උත්ස­වා­කා­ර­යෙන් සිදු කෙරිණි.

ප්‍රමි­ති­යෙන් තොර ඖෂධ ආන­ය­නය කිරීම සම්බ­න්ධ­යෙන් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට අප­රාධ චෝදනා එල්ල වීමත් සමඟ මෙම විදු­හලේ නම වෙනස් කරන ලෙස ගුරු සංගම් ඇතුළු පාර්ශ්ව රැස­කින් ඉල්ලීම් ඉදි­රි­පත් වුවත් පසු­ගිය ආණ්ඩු සමයේ එය ක්‍රියා­ත්මක නොවිණි.

මධ්‍යම පළාත් ආණ්ඩු­කාර ධුර­යට එස්.බී. අබේ­කෝන් මහතා පත්වී­මත් සමඟ අදාළ පාසලේ නම වෙනස් කිරීම සඳහා පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුවේ ව්‍යුහ කමි­ටුව මඟින් ඉදි­රි­පත් කර තිබූ යෝජ­නා­වට අනු­මැ­තිය ලබා දුන්නේය.

ඒ අනුව පාසලේ නම කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය ලෙස වෙනස් වූ අතර, නව නාම­පු­ව­රුව විවෘත කිරීමේ අව­ස්ථා­වට පාසල් බල­ධා­රීන් ද දෙමා­පි­යන් ද පාසල් සංව­ර්ධන කමි­ටුවේ සාමා­ජි­කයෝ ද සහ­භාගි වූහ.

විදු­හලේ ප්‍රධාන නාම­පු­වරු දෙකක් මහ­නු­වර මහි­යං­ග­ණය ප්‍රධාන මාර්ගයේ වරා­පි­ටිය හන්දියේ පාසල් වෙත ප්‍රවිෂ්ට වන මාර්ගය අසල හා පාසල් භුමියේ ස්ථාප­නය කර තිබේ.

දැනට ජීව­තුන් අතර සිටින දේශ­පා­ල­න­ඥ­යන්ගේ නම් පාස­ල්ව­ලින් ඉවත් කරන ලෙස ඉල්ලීම් ගණ­නා­වක් සිදු කර තිබෙන බවත් මධ්‍යම පළා­තින් ආද­ර්ශ­යක් ලබා දෙමින් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල හිටපු ඇමැ­ති­ව­ර­යාගේ නම කුණ්ඩ­සාලේ ප්‍රාථ­මික විදු­හ­ලෙන් ඉවත් කිරීම අගය කරන බවත් ලංකා ගුරු සංග­මයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීය.

මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ පම­ණක් හිටපු සරත් ඒක­නා­යක මහ­තාගේ නම සඳ­හන් පාසල් පහක් තිබෙන බවත් ඒවාහි නම් ද ඉවත් කරන ලෙස ඉල්ලීම් කර තිබෙන බවත් ඒ මහතා පැව­සු­වේය.