කැලණි සර­සවි සිසුවා නේවා­සි­කා­ගාර ජනේ­ල­යෙන් වැටී මරුට

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ පීඨයේ සිසු­වකු ඊයේ (23) අලු­යම තුනයි තිහට පමණ කැල­ණිය පොල්හේනේ පිහිටි කන්නන්­ගර නේවා­සි­කා­ගා­රයේ හතර වැනි මහලේ වහ­ලෙන් බිමට ඇද­වැටී බර­ප­තළ තුවාල ලබා මිය­ගොස් ඇත.

මෙලෙස මිය­ගොස් ඇත්තේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති බිබිල රිදී­මා­ලි­යද්ද ප්‍රදේ­ශයේ පදිංචිව සිටි කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වාණිජ හා කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන පීඨයේ ගණ­කා­ධි­ක­රණ අංශයේ සිව් වැනි වසරේ ඉගෙ­නුම ලබ­මින් සිටි සැන්ඩා නමින් විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන් අතර ප්‍රසි­ද්ධව සිටි ශිෂ්‍ය­යෙකි.

22 වැනිදා රාත්‍රී සිසුන් පිරි­සක් සමඟ නේවා­සි­කා­ගා­රය තුළ සාද­යක් පවත්වා ඇති අතර මිය­ගිය සිසුවා ද එයට එක්වී මිතු­රන් සමඟ කා බී විනෝද වී රාත්‍රී දොළ­හයි තිහට පමණ සිය කාම­ර­යට පැමිණ ඇති බව සඳ­හන්ය.

අලු­යම තුනට පමණ යළි නැඟිට ශාරී­රික අව­ශ්‍ය­තා­වක් සඳහා නේවා­සි­කා­ගාර ජනේ­ල­යෙන් කකු­ලක් එළි­යට දම­මින් ඒ මත වාඩි වීමට සූදා­නම් වූ අව­ස්ථාවේ බිමට ඇද­වැටී මිය­ගොස් ඇතැයි මේ වන විට සිදු කළ විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත.

උඩු­ම­හ­ලින් බිමට ඇද­වැ­ටී­මෙන් මිය­ගිය තරු­ණ­යාගේ හිසට දැඩි හානි සිදු වී තිබුණු බව අන­තුර පිළි­බඳ පරී­ක්ෂණ කළ පොලිස් නිල­ධා­රීහු පැව­සූහ. සිරුර කිරි­බ­ත්ගොඩ රෝහලේ තබා ඇති අතර මිය­ගිය සිසු­වාගේ ඥාතීන් පැමිණි සිරුර හඳුනා ගැනී­මෙන් පසු පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරී­මට නිය­මි­තය. කිරි­බ­ත්ගොඩ සහ පෑලි­ය­ගොඩ ‍පොලිසිය එක්ව මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන්   වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.