උතුරු නැඟෙනහිර තරුණ තරුණියන් තුළ සංවර්ධන කටයුතු පිළිබඳව දැඩි උනන්දුවක් ඇති බවත්, ඉතා ඉහළ අධ්‍යාපනයක් ලබා සිටින එවැනි තරුණ තරුණියන්ගෙන් මේ රටට ඵලදායී ප්‍රයෝජනයක් ගන්නා ලෙසත් ටෙලෝ සංවිධානයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පෙරේදා (22) ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ලිපියක් යොමු කරමින් ටෙලෝ නායකයා මෙලෙස ද සඳහන් කර තිබේ.
“වසර ගණනාවක යුද්ධය නිසා උතුරු නැඟෙනහිර තරුණ කොටස්වලට මේ රටේ සංවර්ධන කටයුතු සඳහා දායක වීමට නොහැකි වුණා. මේ නිසා එම පළාත්වල උගත් තරුණ තරුණියන් තුළ දැඩි මානසික කම්පනයක් ඇතිව තිබෙනවා. මේ පළාත් දෙකේම රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 9000කට වඩා වැඩි පිරිසක් සිටිනවා. වැරදි ආකල්ප සහ ප්‍රතිපත්ති ළඟ තබාගෙන මේ ප්‍රදේශවල දේශපාලනයේ නිරත වන දෙමළ දේශපාලනඥයන් ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා මේ තරුණ තරුණියන් එක්කරගෙන සිටිනවා. එහි ප්‍රතිඵල අනාගතයේදී ඉතා භයානක විය හැකි නිසා ජනාධිපතිවරයා මැදිහත්වී එම තරුණ තරුණියන්ගෙන් රටේ සංවර්ධනයට දායකත්වයක් ගත යුතුයි.”