ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි විස්තාරා ගුවන් යානයට යළිත් බෝම්බ තර්ජනයක්

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද ( 24)  දින පස්වරුවේ පැමිණි විස්තාරා ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීම නිසා හදිසි ගොඩ බැස්සවීමකට( Emergency Landing ) ලක් කර මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

අද පස්වරු 02.56 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටිති .