අශේන්ගේ පෙත්සම නිෂ්ප්‍ර­භයි

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සඳහා කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කිරී­මට ස්වාධීන කණ්ඩා­ය­ම­කින් තමන් ඉදි­රි­පත් කළ නාම­යෝ­ජනා පත්‍රය ප්‍රති­ක්ෂේප කිරී­මට මැති­ව­රණ කොමි­සම ගත් තීර­ණ­යට එරෙ­හිව සමාජ මාධ්‍ය ක්‍රියා­කා­රි­ක­යකු සහ ව්‍යාපා­රි­ක­යකු වන අශේන් සේනා­රත්න මහතා සහ තවත් එක් අයකු විසින් ගොනු කරන ලද රිට් පෙත්ස­මක් විභා­ග­යට නොගෙන නිෂ්ප්‍රභ කිරී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (23) තීර­ණය කළේය.

අදාළ පෙත්සම සම්බ­න්ධ­යෙන් පක්ෂව සහ විප­ක්ෂව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව මෙම පෙත්සම ඉවත දමන ලදි.

ප්‍රීති පද්මන් සූර­සේන, අචල වෙන්ග­ප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ එම පෙත්සම කැඳ­වන ලදි.

එහිදී පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා දීර්ඝ ලෙස කරුණු ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කර සිටියේ අදාළ නාම­යෝ­ජනා පත්‍ර භාර­දී­මට දිස්ත්‍රික් මැති­ව­රණ කාර්යා­ල­යට ගිය අශේන් සේනා­රත්න අදාළ ස්වාධීන කණ්ඩා­යමේ නාය­කයා ලෙස කට­යුතු කරන බවය.

ඔහු සමඟ තවත් එක් අයකු මැති­ව­රණ කාර්යා­ලය ඇතු­ළට ගොස් ඇති අතර අදාළ නාම­යෝ­ජනා පත්‍රය ඔහු විසින් භාර දීම එහි සිටි නිල­ධා­රි­යකු විසින් වැළැක්වූ බව ද නීති­ඥ­ව­රයා එහිදී සඳ­හන් කළේය.

ඒ අනුව ඔහු සමඟ මැති­ව­රණ කාර්යා­ලය තුළට ගිය දෙවැනි පෙත්ස­ම්කරු විසින් අදාළ නාම­යෝ­ජනා පත්‍රය භාර­දුන් බව ද නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.

අන­තු­රුව අදාළ නාම­යෝ­ජනා පත්‍රය ප්‍රති­ක්ෂේප කළ බව තේරීම් භාර නිල­ධා­රියා දැනුම් දුන් බව නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය. නාම­යෝ­ජනා පත්‍රය සහ වත්කම් වාර්තා ලබා­දී­මට ගිය අශේන් සේනා­රත්න මහතා ඉන් වළක්වා පසුව එම නාම­යෝ­ජනා පත්‍රය ප්‍රති­ක්ෂේප කිරීම අසා­ධා­රණ සහ අයු­ක්ති­ස­හ­ගත ක්‍රියා­වක් බවට ඔහු කරුණු ඉදි­රි­පත් කළේය.

එහිදී නීති­ප­ති­ව­රයා සහ මැති­ව­රණ කොමි­සමේ නිල­ධා­රීන් වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් යුරේෂා ද සිල්වා මහ­ත්මිය සඳ­හන් කර සිටියේ පාර්ලි­මේන්තු මැති­ව­රණ පනත අනුව අදාළ නාම­යෝ­ජනා පත්‍රය ස්වාධීන කණ්ඩා­යම් නාය­කයා විසින් භාර නොදීම මත අදාළ නාම­යෝ­ජනා පත්‍රය ප්‍රති­ක්ෂේප කිරී­මට තීර­ණය කළ බවය.

අදාළ නාම­යෝ­ජනා පත්‍රය ස්වාධීන කණ්ඩා­යම් නාය­කයා හෝ නාම­යෝ­ජනා පත්‍ර­යෙහි දෙවැනි ස්ථාන­යට නම සඳ­හන් පුද්ග­ලයා විසින් භාර­දිය යුතු බව සඳ­හන් කළ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය මෙම නාම­යෝ­ජනා පත්‍රය භාරදී ඇත්තේ දහ­වැනි ස්ථාන­යට නාම­යෝ­ජනා පත්‍රයේ නම සඳ­හන් පුද්ග­ලයා විසින් බව සඳ­හන් කළාය.

ඒ අනුව මැති­ව­රණ නීති­යට අනු­කූල නොවීම මත මෙම නාම­යෝ­ජනා පත්‍රය ප්‍රති­ක්ෂේප කළ බව ද ඇය සඳ­හන් කළාය.

කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල පෙත්සම නිෂ්ප්‍රභ කිරී­මට තීර­ණය කළේය.

මේ අතර කොළඹ දිස්ත්‍රි­ක්කය වෙනු­වෙන් තවත් ස්වාධීන කණ්ඩා­ය­මක් සහ කෑගල්ල දිස්ත්‍රි­ක්කය වෙනු­වෙන් තරග කිරීම සඳහා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජනතා හඬ පක්ෂ­යෙන් සහ කුරු­ණෑ­ගල, පුත්ත­ලම, බදුල්ල දිස්ත්‍රික්ක සඳහා තරග කිරී­මට සිංහල දීප ජාතික පෙර­මුණ මඟින් ඉදි­රි­පත් කළ නාම­යෝ­ජනා පත්‍ර ප්‍රති­ක්ෂේප කිරී­මට එරෙ­හිව ගොනු කළ පෙත්සම් තුනක් ද ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් නිෂ්ප්‍රභ කළේය.