ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ලයේ නියෝ­ජිත පිරි­සක් මන්නා­රමේ නිරී­ක්ෂණ චාරි­කා­වක

ස්විස්ට­ර්ලන්ත තානා­පති කාර්යා­ලයේ දේශ­පා­ලන අංශයේ පළමු නිල­ධාරී ජැඩ්සන් බිග්‍රාඩෝ (Jadson Bigrado) මහතා ඇතුළු නියෝ­ජිත පිරි­සක් පෙරේදා (22) මන්නා­රමේ නිරී­ක්ෂණ චාරි­කා­වක නිරත ඇත.

ඔවුන් එම ප්‍රදේ­ශයේ සිදු වන සංව­ර්ධන කට­යුතු පිළි­බ­ඳව සහ මන්නා­රමේ සුළං බල විදුලි උත්පා­දන බලා­ගාර සම්බ­න්ධ­යෙන් ද මහ­ජන අද­හස් විමසා තිබේ. මන්නා­රමේ සමාජ, ආර්ථික සංව­ර්ධන මධ්‍ය­ස්ථා­න­යේදී මන්නා­රමේ තරුණ තරු­ණි­යන් ඇතුළු විශාල පිරි­සක් සමඟ මේ දූත පිරිස අද­හස් හුව­මාරු කර­ගෙන තිබේ.

එහිදී නව ජනා­ධි­ප­ති­ව­රයා පත්වීම සම්බ­න්ධ­යෙන් සහ ඉදිරි මහ­මැ­ති­ව­ර­ණය පිළි­බ­ඳ­වද අද­හස් විමසා ඇති අතර, මන්නා­රමේ වැසි­යන්ගේ ආර්ථික උත්පා­දන මාර්ග පිළි­බ­ඳ­වද කරුණු විමසා තිබේ.