ශ්‍රී ලංකාවේ සංව­ර්ධ­න­යට සහාය වීමට එක්සත් ජාතීන්ගේ එක­ඟ­තාව පළ වේ

ශ්‍රී ලංකාවේ සංව­ර්ධන ක්‍රියා­දා­මය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය එක­ඟ­තා­වද පළ කර තිබේ. ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවා­සික සම්බ­න්ධි­කා­රක Marc-Andre Franche මහතා මේ බව ප්‍රකාශ කළේ අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය අග­මැති කාර්යා­ල­යේදී පෙරේදා (22) හමු වූ අව­ස්ථා­වේ­දීය.

කාන්තා­වන් සවි­බල ගැන්වීම පිළි­බඳ පව­තින ගැටලු සම්බ­න්ධ­යෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට කාන්තා­වන් සවි­බල ගැන්වීමේ ක්‍රියා­ව­ලි­යට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය කැමැ­ත්තෙන් සිටින බවද Marc-Andre Franche මහතා පැව­සීය.

අග­මැති ලේකම් ප්‍රදීප් සපු­තන්ත්‍රි, අග­මැති අති­රේක ලේකම් මහින්ද ගුණ­රත්න, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් අංශයේ අධ්‍යක්ෂ ජන­රාල් දයානි මෙන්ඩිස්, එක්සත් ජාතීන්ගේ නේවා­සික සම්බ­න්ධී­කා­රක කාර්යා­ලයේ පැට්‍රික් මැක් කාර්ති, නෙත්මිණි මැද­වල යන මහත්ම මහ­ත්මීහු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.