රෝහල් පද්ධ­තිය විධි­මත්ව රෝගී සත්කාර වෙනු­වෙන් පව­ත්වා­ගෙන යෑම අපේ අර­මු­ණයි-සෞඛ්‍ය ලේකම්, විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල

පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාල­නය වන රජයේ රෝහල් පද්ධ­තිය වඩාත් විධි­මත්ව සහ ඉහළ පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත රෝගී සත්කාර සේවා සම­ඟින් පව­ත්වා­ගෙන යෑම සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ මූලික අර­මුණ බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම්, විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය.

සෞඛ්‍ය ලේක­ම්ව­රයා මේ බව පැව­සුවේ හලා­වත දිස්ත්‍රික් මහ රෝහ­ලේත්, පුත්ත­ලම මූලික රෝහ­ලේත් ලබා දෙන රෝගී ප්‍රති­කාර සේවා­වල ප්‍රග­තිය සහ රෝහල් සංව­ර්ධන කට­යු­තු­වල ප්‍රග­තිය සොයා බැලී­මට විශේෂ නිරී­ක්ෂ­ණ­යක යෙදුණු අව­ස්ථා­වේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සෞඛ්‍ය ලේක­ම්ව­රයා මෙලෙස ද කීවේය.

“දිස්ත්‍රික්ක මට්ට­මින් එම රෝහ­ල්වල පව­තින අඩු­පාඩු සොයා බල­මින් සහ කඩි­නම් විස­ඳුම් දෙමින් මෙරට ජන­තා­වට ගුණා­ත්මක විධි­මත් සෞඛ්‍ය සේවා­වක් දීමට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය විසින් විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර තිබෙ­නවා.”

බාහිර රෝගී අංශ, සායන, වාට්ටු, රසා­ය­නා­ගා­රය, ඖෂධ ගබඩා, ශල්‍යා­ගාර, හදිසි ප්‍රති­කාර ඒකක, නේවා­සි­කා­ගාර, මුළු­තැ­න්ගෙය සහ රෝහලේ ක්‍රියා­ත්මක නියමු ව්‍යාපෘති සහ රෝහල් සංව­ර්ධන වැඩ­ස­ට­හන් නිරී­ක්ෂ­ණය කෙරිණි.

තවද නිරී­ක්ෂණ කට­යු­තු­ව­ලින් අන­තු­රුව රෝහල් කාර්ය මණ්ඩ­ලය සමඟ විශේෂ සාක­ච්ජා­වක ද නිරත වෙමින් කාර්ය මණ්ඩ­ල­ව­ලට පව­තින රාජ­කාරි ගැටලු, අනෙ­කුත් මානව සහ භෞතික සම්පත් ගැටලු පිළි­බ­ඳව විම­සී­ම­ටත්, ඒවාට විස­ඳුම් දීම­ටත් කට­යුතු කෙරිණි.

හලා­වත දිස්ත්‍රික් මහ රෝහ­ලට නව ගිලන් රථ දෙකක් කඩි­න­මින් දීමට සහ අත්‍ය­වශ්‍ය වෛද්‍ය උප­ක­රණ කිහි­ප­යක් දීමට ද මෙහිදී තීර­ණය විය. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යෙන් දී ඇති මූල්‍ය ප්‍රති­පා­දන ඵල­දා­යීව යොදා ගැනී­ම­ට‌ ­ක­ට­යුතු කර­මින් රෝහලේ සුළු අලු­ත්වැ­ඩියා කට­යුතු කඩි­න­මින් සිදු කරන ලෙස ද මෙහිදී උප­දෙස් දුන් අතර, රෝහ­ලෙන් දෙන රෝගී ප්‍රති­කාර සේවා සෞඛ්‍ය ලේක­ම්ව­ර­යාගේ විශේෂ ඇග­යී­මට ද ලක් කෙරිණි.

පුත්ත­ලම මූලික රෝහලේ වෛද්‍ය අධි­කා­රි­ව­රයා විසින් රෝහ­ලෙන් දෙන රෝගී ප්‍රති­කාර සේවා­වල වත්මන් තත්ත්වය, ඉදිරි රෝහල් සංව­ර්ධන වැඩ කට­යුතු, රෝහලේ මානව හා භෞතික සම්පත් පිළි­බඳ ගැටලු, නේවා­සි­කා­ගාර අව­ශ්‍යතා, දැනට අබ­ලන්ව පව­තින පැරණි හදිසි ප්‍රති­කාර ඒකක ගොඩ­නැ­ඟිල්ල වෙනු­වට නව ගොඩ­නැ­ඟි­ල්ලක අව­ශ්‍ය­තාව සහ නිර­තු­රුව ගංව­තු­රට යට වන රෝහලේ වාට්ටු කිහි­ප­යක් පිළි­බ­ඳව සෞඛ්‍ය ලේක­ම්ව­රයා දැනු­ම්වත් කෙරිණි.

මේ රෝහල් නිරී­ක්ෂ­ණය සඳහා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ නියෝජ්‍ය අධක්ෂ ජන­රාල් (සැල­සුම්) විශේ­ෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධ­රන්, (රසා­ය­නා­ගාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අත­පත්තු මහ­ත්වරු ද එක්ව සිටි­යහ.