රග්බි ව්‍යවස්ථා සංශෝ­ධන සම්බ­න්ධව පළාත් සංග­ම්ව­ලින් චෝදනා පත්‍ර­යක්-අර්බු­ද­යට හේතුව පළාත් සංගම් අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­ව­ලට යෑමයි – ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල්

වසර 140කට අධික කීර්ති­මත් ඉති­හා­ස­ය­කට හිමි­කම් කියන ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ව්‍යස්ථාව කිහි­ප­දෙ­න­කුට පම­ණක් එක්ව සංශෝ­ධ­නය කළ නොහැකි බවත්, ඒ සඳහා වාර්ෂික මහ සභා රැස්වී­ම­කින් පව­ත්වන නිල­ධා­රීන් විශේෂ මහ සභා රැස්වී­මක් කැඳවා අවශ්‍ය කරුණු සාකච්ඡා කිරී­මෙන් පසු පත්ක­ර­ගනු ලබන ව්‍යවස්ථා සමා­ලෝ­චන කමි­ටු­වක් මගින් සිදු විය යුතු බවත් ඌව පළාත් රග්බි සංග­මයේ ලේකම් ඩෙන්සිල් ඩාලින් ‘දින­මිණ’ට ප්‍රකාශ කළේය.

ඔහු මේ අද­හස පළ කළේ ශ්‍රී ලංකා රග්බි ආය­ත­නයේ ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට එරෙ­හිව අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගැනීම හේතු­වෙන් රග්බි ආය­ත­නයේ නිල­ව­ර­ණය පවත්වා නිල­ධා­රීන් පත් කර­ගැ­නීම ප්‍රමාද වූ බවට පළාත් රග්බි සංග­ම්ව­ලට එල්ල වන චෝද­නා­වට ප්‍රති­චාර දක්ව­මිනි. ශ්‍රී ලංකා රග්බි ආය­ත­නයේ ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට හා නව නිල­ධාරි මණ්ඩ­ල­යක් පත් කිරී­මට ලෝක රග්බි සම්මේ­ල­නය විසින් ශ්‍රී ලංකා­වට ලබා දී ඇති කාල­සී­මාව ලබන නොවැ­ම්බර් මස 8 වැනිදා නිමා­වට පත්වන අතර, පළාත් සංගම් විසින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ ගොනු කරනු ලැබූ නඩු­වෙහි තීන්දුව ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තව ඇත්තේ නොවැ­ම්බර් මස 6 වැනිදා බව වාර්තා වේ.

පළාත් රග්බි සංගම් විසින් අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­ය­කට යෑමෙන් ව්‍යවස්ථා සංශෝ­ධ­නය හා නිල­ව­ර­ණය ප්‍රමාද වූ බවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය ෂෙමාල් ප්‍රනාන්දු චෝදනා එල්ල කරද්දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාගේ ක්‍රියා­ක­ලා­ප­යට එරෙ­හිව සහ වත්මන් රග්බි අර්බු­ද­යට බලපෑ සත්‍ය කරුණු පැහැ­දිලි කිරී­මට ක්‍රීඩා ඇමැ­ති­නිය ලෙස ද කට­යුතු කරන අග­මැ­ති­නිය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මුණ­ගැ­සී­මට ද එම පළාත් සංගම් නියෝ­ජි­ත­යන් සූදා­න­මින් පසු­වන බව ‘දින­මිණ’ට වාර්තා වේ.

මේ පිළි­බඳ ‘දින­මිණ’ කළ විම­සු­ම­කදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා කියා සිටියේ කඩි­න­මින් රග්බි නිල­ව­ර­ණය පවත්වා නිල­ධාරි මණ්ඩ­ලය පත් කර­ගැ­නී­මට රග්බි ක්‍රීඩාවේ ලියා­ප­දිං­චිය අත්හි­ටුවූ අව­ස්ථාවේ සිටම කට­යුතු සූදා­නම් කළ බවය.

“මම කිව්වේ ඉක්ම­නට මේක ඉව­ර­යක් කර­ගමු කිය­ලයි. ඉක්ම­නින් විශේෂ මහ සභා­වක් පව­ත්වලා ව්‍යවස්ථා සංශෝ­ධ­නය සිදු කරලා වාර්ෂික මහ සභා රැස්වී­ම­කට යමු කියලා. මුලින් එක­ඟ­වෙලා පස්සේ පළාත් සංගම් මට ලිපි මඟින් දැනුම් දුන්නේ අලුත් ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට විරු­ද්ධයි කිය­ලයි. මම කිසිම අව­ස්ථා­වක රග්බි නිල­ව­ර­ණය ප්‍රමාද කරලා නෑ. හැම අව­ස්ථා­වේ­දීම පළාත් සංගම් තමයි ඒ අවස්ථා නැති කර­ගත්තේ. දැන් ලෝක රග්බි සම්මේ­ල­න­යෙන් ශ්‍රී ලංකා­වට ලබා දී තිබෙන කාල­සී­මාව අව­සන් වෙන්නත් ළඟයි. ආයේ දීර්ඝ කරන ලෙස මම පසු­ගි­යදා ලිඛි­තව එයා­ලා­ගෙන් ඉල්ලී­මක් කළා. ඒක හරි අමාරු වැඩක්. අපිට මෙහෙම වුණේ පළාත් සංගම් අධි­ක­රණ මාර්ග­යට ගිය හින්දයි. ඒක එහෙම නොවෙන්න අපිට නිල­ව­ර­ණ­යක් පව­ත්වලා තියෙන හැම ප්‍රශ්න­යම ඉවර කර­ගන්න තිබුණා.” ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය ෂෙමාල් ප්‍රනාන්දු එසේ කීවේය.

මේ අතර රග්බි ව්‍යවස්ථා සංශෝ­ධ­නය කිහි­ප­දෙ­නකු පම­ණක් එක්ව සිදු කර ඇතැයි ද, එවැනි ව්‍යස්ථා සංශෝ­ධ­න­යක් පිළි­ගැ­නී­මට සූදා­නම් නැතැයි ද පළාත් සංග­ම්වල අද­හස වී තිබේ.

“ව්‍යවස්ථා සංශෝ­ධ­න­ය­කට අපි හැමෝම එක­ඟ­වුණා තමයි. ඒත් ක්‍රීඩා සංග­ම­යක ව්‍යවස්ථා සංශෝ­ධ­න­යක් කරන්න ඕන ක්‍රීඩා පන­තට හා ක්‍රීඩා සංග­මයේ ව්‍යව­ස්ථා­වට අනු­වයි. වාර්ෂික මහ සභා රැස්වී­මක් පව­ත්වලා නිල­ධාරි මණ්ඩ­ලය පත් කර­ග­ත්තට පස්සේ විශේෂ මහ සභා රැස්වී­මක් කැඳ­වලා ව්‍යවස්ථා සමා­ලෝ­චන කමි­ටු­වක් පත් කරලා, එයාලා අධ්‍ය­ය­නය කරලා ඒ අනුව තමයි සිද්ධ වෙන්න ඕනා. මේ සංශෝ­ධිත ව්‍යව­ස්ථාව හැදුවේ කවුද කිය­ල­වත් අපි දන්නේ නෑ. අපිට කිය­නවා ලෝක රග්බි සම්මේ­ල­න­යෙන් එව්වේ කියලා. ඒක හැදුවේ ලෝක රග්බි සම්මේ­ල­න­යෙන් නෙවෙයි. ඒක ලංකා­වේම කිහි­ප­දෙ­නෙක් එක­තු­වෙලා ලෝක රග්බි සම්මේ­ල­න­යට හදලා යවපු එකක්.” ඌව පළාත් රග්බි සංග­මයේ ලේක­ම්ව­රයා එසේ කීවේය.