ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි20 පිටියේ මුල් ක්‍රීඩකයන් දස දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව සිටියි.
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි තැන රැඳී සිටින පැතුම් කොදෙව් පිලට එරෙහි නිමා වූ විස්සයි20 තරගාවලියේදී අර්ධ ශතකයක් සමඟ ලකුණු 104ක් රැස් කිරීමට සමත් වූ අතර, ඒ හේතුවෙන් 12 වැනි ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට ඒමට සමත්ව තිබේ. ඒ අනුව එක්දින සහ විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින පිතිකරු වන්නේ පැතුම් නිශ්ශංකය.
ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් විස්සයි20 පිතිකරුවන් අතර 12 වැනි තැනට පත්ව ඇත්තේ ස්ථාන 6ක් ඉහළ නඟිමිනි. කුසල් පෙරේරා ස්ථාන 17ක් (42) ඉදිරියට පැමිණි ඇති අතර, පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට මහීෂ් තීක්ෂණ සමත්ව ඇත්තේ ස්ථාන 2ක් ඉහළ යමිනි. වනිඳු හසරංග එක් ස්ථානයක් (6), මතීෂ පතිරණ ස්ථාන 3ක් (53) ඉහළට ඒමට සමත්ව සිටිති.
එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව චරිත් අසලංක ස්ථාන 2ක් (12), ජනිත් ලියනගේ ස්ථාන 11ක් (60) ඉහළට යද්දී කොදෙව්වන්ට එරෙහිව පළමු තරගයේ දැක්වූ දස්කම් මත වනිඳු හසරංග එක්දින පිටියේ ස්ථාන 12කින් ඉදිරියට පැමිණ 18 වැනි තැන හිමි කර ගනිද්දී දුනිත් වෙල්ලාලගේ ස්ථාන 9ක් (47) සහ ජෙෆ්රි වැන්ඩර්සේ ස්ථාන 7ක් (90) ඉහළට ගොස් තිබේ.
මේ අතර සිය ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව සටහන් කරමින් ටෙස්ට් පිතිකරුවන් අතර 10 වැනි තැන අත්කර ගැනීමට කමිඳු මෙන්ඩිස් (716) සමත්වීම කැපී පෙනේ. ඔහු එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති අතර, දිමුත් කරුණාරත්න ස්ථාන 2ක් (15), ධනංජය ද සිල්වා එක් ස්ථානයක් (17) සහ ප්‍රභාත් ජයසූරිය පන්දු යවන්නන් අතර ස්ථානයකින් ඉදිරියට පැමිණ සිටිති. ප්‍රභාත් ඉන්දියාවේ රවින්ද්‍ර ජඩේජා සමඟ 6 වැනි තැන සිටී.