ජයිකා 70 සංව­ත්ස­රය සැම­රී­මට සැර­සෙයි

ආර්ථික හා සමා­ජීය සංව­ර්ධ­න­යට මෙන්ම ගෝලීය ප්‍රජාව තුළ සාමය සහ සමෘ­ද්ධිය සඳහා දායක වන ප්‍රධාන ගෝලීය හවු­ල්ක­රු­වකු වන ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සිය (JICA) තම 70 වැනි සංව­ත්ස­රය අභි­මා­න­වත්ව සැම­රී­මට කට­යුතු සංවි­ධා­නය කර තිබේ. 1954 වස­රේදී පිහි­ටුවා තිබෙන මේ ඒජ­න්සිය ශ්‍රී ලංකාව ඇතුළු කලා­පීය රට­වල ආර්ථික සහ සමා­ජීය දියු­ණුව වෙනු­වෙන් විශාල වැඩ කොට­සක් සිදු කර තිබෙන අතර, මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දැවැන්ත සංව­ර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියා­ත්මක කර තිබෙන බව ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සියේ මෙරට නේවා­සික නියෝ­ජිත ටෙට්සුයා යමාඩා මහතා පව­සයි.

ආසියා සහ ශාන්ති­කර කලා­පයේ ආර්ථික සහ සමාජ සංව­ර්ධ­නය වෙනු­වෙන් 1951 වස­රේදී ස්ථාපිත කළ කොළඹ ක්‍රමයේ සාමා­ජික රටක් වශ­යෙන් මෙන්ම 15 වැනි සාමා­ජික රට වශ­යෙන් ජපා­නය එක්ව තිබෙන අතර, එය දෙවැනි ලෝක යුද්ධ­යෙන් පසු පිහි­ටු­වන ලද පළමු ජාත්‍ය­න්තර සංව­ර්ධන සංවි­ධා­නය විය.

මානව සම්පත් සංව­ර්ධ­නය සහ දකුණු-දකුණු සහ­යෝ­ගි­තාව වැඩි දියුණු කිරීම සඳහා ස්වයං උප­කාර සහ අන්‍යෝන්‍ය උප­කා­රය ප්‍රධාන වශ­යෙන් තාක්ෂ­ණික සහ­යෝ­ගී­තා­වය, බෙදා­ගැ­නීම සහ දැනුම සහ අත්දැ­කීම් එහි සාමා­ජි­ක­යින් අතර හුව­මාරු කර ගැනීම එහි මූලික අර­මුණ වූ බව පෙන්වා­දෙන ටෙට්සුයා යමාඩා මහතා ජාත්‍ය­න්තර සංව­ර්ධන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව මූලි­ක­ත්වය ගත්තේ කොළඹ ක්‍රමය පම­ණක් නොවන බවද පෙන්වා­දෙයි.

ශ්‍රී ලංකාව, බුරු­මය, ඉන්දි­යාව, ඉන්දු­නී­සි­යාව සහ පකි­ස්ථා­නය යන රට­වල් පහ කොළඹ බල­ව­තුන් අතු­රින් එක් වූ අතර, 1954 දී කොළඹ සමු­ළු­වට සත්කා­ර­ක­ත්වය සැපයූ බවද 1955 දී ඓති­හා­සික Bundung සමු­ළුව (ආසි­යානු-අප්‍රි­කානු සමු­ළුව) වෙත යොමු වූ බවද පව­සන ඒ මහතා එහිදී ලෝක ජන­ග­හ­න­යෙන් අඩක් පමණ නියෝ­ජ­නය කරන රට­වල් 29 ක් ගෝලීය දකුණ ලෙස සහ­යෝ­ගි­තාව වෙනු­වෙන් එක්වූ බවද කියා සිටී. 1954 දී ශ්‍රී ලංකාව තුළ මේ සංව­ර්ධන සහ­යෝ­ගි­තාව ආර­ම්භයේ සිටම, ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සියේ ව්‍යාපෘති සහ වැඩ­ස­ට­හන් 120කට ආසන්න ප්‍රමා­ණ­යක් සඳහා ණය වශ­යෙන් ජපන් යෙන් ට්‍රිලි­යන 1.1කට අධික ප්‍රමා­ණ­යක් පිරි­නමා ඇතැ­යිද ඔහු පව­සයි. මේ ණය බහු­ත­රය ශ්‍රී ලංකාවේ පරි­ව­ර්ත­නීය ආර්ථික යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය සඳහා යොදා­ගෙන ඇති අතර, ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සිය 1980 සිට 1999 දක්වා කොළඹ වරාය සංව­ර්ධ­නය සඳහා ජපන් යෙන් බිලි­යන 85ක ණය මුද­ලක් අවස්ථා 11කදී ප්‍රදා­නය කළ බවද ටෙට්සුයා යමාඩා මහතා පව­සයි.