දිවුරුම්පිටියදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි 28ක් රෝහලේ

ඇහැලියගොඩ දිවුරුම්පිටිය ප්‍රදේශයේදි පුද්ගලික බස් රථ දෙකක් ඊයේ (22) දහවල් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබු මගින් 28 දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත්කර ඇත. කොළඹ සිට සූරියවැව දක්වා ධාවනය කළ බස් රථයක් සහ රත්නපුර සිට කොළඹ දක්වා ධාවනය කළ බස් රථයක් මෙලෙස අනතුරට ලක් විය. අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම්පිටිය වංගුව අසල මෙම අනතුර සිදුවී ඇත. තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.