ජාත්‍යන්තර ජිම්නාස්ටික් නිලවරණයට උදාර

ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමයේ 85 වැනි නිලවරණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් උදාර එස්. ලියන්වල මහතා තරග කිරීමට නියමිතය. ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමයේ 85 වැනි නිලවරණය හා සමුළුව රටවල් 165ක නියෝජිතයන්ගෙන් සහභාගිත්වයෙන් අද (23) සිට 27 වැනිදා දක්වා දෝහා කටාර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත අතර, මෙරටින් පිටත්ව යෑමට පෙර ලියන්වල මහතා පැවසුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමා සමඟ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ජාතික පුහුණුකරු ඩබ්. රංජන තරංග මහතා ද මීට එක්වීම සඳහා දෝහා කටාර් රාජ්‍යය බලා පිටත්ව යන බව පැවසීය. එම සමුළුවෙන් අනතුරුව පැවැත්වෙන 85 වැනි අන්තර්ජාතික ජිම්නාස්ටික් සංගමයේ කමිටු සාමාජික තනතුර සඳහා තරග වැදීමට නියමිත බවද ලියන්වල මහතා වැඩිදුරටත් පැවසීය.