ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට රතු කුරුසයෙන් ප්‍රථමාධාර

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට ප්‍රථමාධාර සහ වෛද්‍ය ප්‍රතිකාර සහාය දීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාව පියවර ගෙන ඇත.

ඒ අනුව පසුගිය 12 වැනිදා කොලොන්නාව, හංවැල්ල සහ කඩුවෙල ආරම්භ කළ එම වෛද්‍ය සායන වැඩසටහනේ දෙවන අදියර පෙරේදා (21) කොළොන්නාවේ, සාලමුල්ල ග්‍රාම නිලධාරී වසමේ ගමගේවත්ත මෙහෙණි ආරාමයේදී පැවැත්වු බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පැවැසුවාය.