තනිවෙන්න ඉඩ දී ආරියරත්න සමුගනියි

අනූව දශකයේ ජනප්‍රිය ගායන ශිල්පියකු වූ අජිත් ආරියරත්න මහතා (59) අභාවප්‍රාප්ත විය.

‘තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි‘ ගීතයෙන් මුළු ලොවක් වසඟයට ගත් අජිත් ආරියරත්න මහතා ජනතා සිත් සතන් තුළ නොමැකෙන ගීත රැසක් ගායනා කර තිබේ.

‘හදවතින් සෙනෙහස පුරා, පියඹා හිමින් සැරේ, සඳ සිසිලේ‘ වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.