NTC නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කෙරේ

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර තිබෙයි.

එමෙන්ම එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 4 දෙනා පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව සඳහන් වෙයි.