මාතලේ තැඹිලිවලත් කාබයිට් ?

මාතලේ දිස්ත්‍රික්කයට පිටතින් රැගෙන එනු ලබන තැඹිලිවල කාබයිට් අඩංගුව පවතින බව තැඹිලි ව්‍යාපාරිකයෝ පිරිසක් පවසා සිටිති. මහනුවර – යාපනය ඒ නවය මාර්ගය සමීපයේ බහුලව දැකිය හැකි තැඹිලි අ‍ෙලවිසල් රැසක පවතින තැඹිලි රැගෙන එනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙනි. ඊට අමතරව කුඩා ලොරි රථවලින් ද තැඹිලි රැගෙන විත් අ‍ෙලවිසල්වලට ලබාදෙන අතර එවැනි තැඹිලිවල කාබයිට් අඩංගුවී පවතින බව තහවුරු වූ බව තැඹිලි ව්‍යාපාරිකයෝ පවසා සිටිති. නාඋල හා දඹුල්ල අතර පිහිටි තැඹිලි බහුලව අ‍ෙලවි වන වන ලැහැබ ප්‍රදේශයේ තැඹිලි අ‍ෙලවි කරන කාන්තාවක පවසා සිටියේ සිය කුඩා දරුවා අ‍ෙලවිය සඳහා රැගෙන ආ තැඹිලි ඉත්තක අග කොටස (වහල්ල) සපාකමින් සිටියදී වමනය දැමීම හේතුවෙන් රෝහලට රැගෙන ගිය බවත් එහිදී දරුවාට කාබයිට් ශරීරගතවී ඇති බව හෙළි වූ බවයි. ලොරි රථයකින් මිලදී ගත් තැඹිලිවල නැට්ටේ කාබයිට් තවරා ඇති බව තමන් පසුව තහවුරු කරගත් බව ද ඇය පවසා සිටියාය.