‘සුවාත්‍රා’ සෞඛ්‍ය කඳවුරෙන්…

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ, සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වන කණ්ඩායම විසින් සංවිධාන කළ ‘සුවාත්‍රාÓ සෞඛ්‍ය කඳවුර පසුගියදා (ඔක්:19) රත්නපුර, එරත්න ලස්සකන්ද ශ්‍රී සමන්තභද්‍රාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, සිප්ලා ෆාමා ලංකා ආයතනය, හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය ආදී ආයතන කිහිපයක සහයෝගයෙන් මේ කඳවුර සංවිධාන කෙරිණි.

සෞඛ්‍ය කඳවුර මඟින් අක්ෂි පරීක්ෂණ, ඇස් කණ්ණාඩි ලබා දීම, තෝරාගත් අට දෙනකුට අක්ෂි කාච ලබා දීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කිරීම, රුධිරගත සීනි පරීක්ෂාව, කොලෙස්ටරෝල් පරීක්ෂාව, පෙණහලු පරීක්ෂාව ආදී සායනික සේවා රැසක් නොමිලේ පැවැත්විණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලය සහ අනුග්‍රාහක ආයතන ප්‍රධානීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ. සුවාත්‍රා සෞඛ්‍ය කඳවුර සඳහා ලස්සකන්ද, අඩවිකන්ද, එරත්න හා සූදගල ගම්මාන ආශ්‍රිත දහසකට ආසන්න ජනතාවක් මේ කඳවුරට එක්ව සිටියහ.