ලක්ෂ 15 ක ටයර් සොරකමේ සැකකරුවන් අත්අඩංගුවට

රත්නපුර තිරිවානකැටිය ප්‍රදේශයේ ටයර් අලෙවි සැලකින් ලක්ෂ 15 ක් පමණ වටිනා ටයර් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (20)  පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙයි.

මෙලෙස ටයර් සොරකම් කර ඇත්තේ තොග වශයෙන් ටයර් අලෙවි කරන මධ්‍යස්ථානයකිනි

මෙම ටයර් තොග අලවි මධ්‍යස්ථානයෙන් අලවි කරනු ලබන්නේ සාමාන්‍ය ත්‍රීවීල්, ඩිසල් ත්‍රීවීල් සහ යතුරුපැදි ටයර් බව පරික්ෂණ වලදි අනාවරණය  වි තිබේ .

මෙම එක් සැකකරුවෙක් එම ආයතනයේ සේවය කළ අයෙක් වන අතර ඔහු රත්නපුර ගොළුවාවිල පදිංචිකරුවෙක්
බව පොලිසිය පවසයි .

එම සැකකරු විසින්  සොරකම් කරන  ටයර් රත්නපුර ඇලපාත ප්‍රදේශයේ පදිංචි ත්‍රිවිල් රථ රියදුරකුට ලබා දි  අතර පසුව මොවුන් දෙදෙනා විසින් රත්නපුර ඇහැලියගොඩ කුරුවිට යන ප්‍රදේශවල ටයර් සේවා මධ්‍යස්ථානවලට ටයර් අනූ(93) තුනක් මෙසේ අලෙවි කර ඇතැයි පොලිසිය සොයා ගෙන තිබේ .

අත් අඩංගුවට ගත් සැකකරුවන්  දෙදෙනා    රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 21)  ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.