පාස්පෝට් පෝලිම් අවසන්

ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) තොගය මෙරටට ලැබුණු බවත් ඒවා අද (21) සිට බෙදාහැරීම සිදුකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා

මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කරන බවයි ඔහු කියා සිටියේ

මේ වනවිට ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමඟ නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වැනිදා පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා