පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය හෙළිකරන්න රටේ නායකයා පොරොන්දුවක් දී තිබෙනවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළි කිරීම සඳහා මේ රටේ නායකයා අපිට පොරොන්දුවක්දී තිබෙන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

මේ ගැන විමර්ශන ආරම්භ කර ඇති බව කියා සිටි උන්වහන්සේ ඒ ගැන අපි ඇස් දෙක ඇරගෙන බලා ඉන්න බවත් රටේ නායකයා දුන් ඒ පොරොන්දුව ඉටු කරනු ඇති බවත් කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද කියා සිටියේය. මෙච්චර කල් නිහඬව ඉඳලා අපි කරන කිසි දෙයක් විමසන්නේ නැතිව මේ අය පාර්ලිමේන්තුවේ ඉඳලා වචනයක් වත් කතා කරන්නේ නැතුව අපේ වැඩට බාධා කරමින් සිටි අය අමුතු කැක්කුමකින් කතා කරන්න පටන් ගෙන තිබෙනවා. කෙමිෂන් සභාවල වාර්තා කෝ ඒවා කොහේද තියෙන්නේ කියා කියමින් වාර්තා කෝ කියමින් විමසනවා. පාස්කු ප්‍රහාරයේ අලුත්ම වීරයෝ පිරිසක් බිහි වී තිබෙනවා. ඒ අය වැඩක් නැහැ. පසුගිය රජය විසින් පත් කළ කමිටු දෙකක් තිබෙනවා. ඒ වාර්තා කතෝලික රදගුරු මණ්ඩලයට ලබා දුන්නා.

පළවෙනි වාර්තාවේ තියෙන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශමයි. ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශම ලියන්න කොමිටියක් පත් කරන්න ඕනද?. හැබැයි එතන තව පොඩි කට්ට වැඩක් කළා. ඒ නිර්දේශවලට අතරව දැන් රටේ පැත්තේ වැඩ කරන උසස් නිලධාරීන් දෙන්නෙක්ට නීතිමය කටයුතු කරන්න කියලා කොමිටියෙන් යෝජනා කළා. ඒ කොමිටියට ඒ යෝජනා දුන්නේ කවුද ?ආණ්ඩුවමයි.

ආණ්ඩුවට ඕන ඔන විදියට පාස්කු ප්‍රහාරයේ විමර්ශන මේ අතට ඒ අතට අර අතට යවන්න අපි සූදානම් නැහැ. ඒවා පිළිගන්න අපි සූදානම් නැහැ. අපිට ඕනේ මේකේ ඇත්ත කවුද?. ඇත්තටම මොකක්ද වුනේ කියා විමර්ශනය කිරීම පමණයි. මේ රටේ නායකයා අපිට පොරොන්දුවක්දීලා තිබෙනවා. ඒ ගැන විමර්ශන ආරම්භ කරයි. අපි ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්නේ අපේ නායකයා දුන් ඒ පොරොන්දුව ඉටු කරයි.