නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් සංගුපිටිය පාලම අබලන් වෙලා

යාපනය – මන්නාරම මාර්ගයේ පිහිටි සංගුපිටිය පාලම දැඩි ලෙස අබලන් වීම නිසා 20දා සිට සියලුම බර වාහනවලට පාලම මතින් ගමන් කිරීම තහනම් කොට තිබේ.

එම මාර්ගයේ ගමන් කරන බස් රථවලට පාලමට පෙර මගීන් බිමට බස්සවා යළි පාලම පසු කිරීමෙන් පසුව මගීන් නංවා ගැනීමේ කොන්දේසිය මත ගමන් කිරීමට අවසර ලබා දී ඇත.

සංගුපිටිය පාලම ඉදි කළ දිනයේ සිට මේ දක්වා නිසි ලෙස නඩත්තු කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා එම පාලමේ යට යකඩ කොටස් හා ඇණ සම්පූර්ණයෙන්ම දිරාපත් වී පාලම කඩාවැටෙන තත්ත්වයකට පත්ව ඇති නිසා බලධාරීන් පාලම මතින් බර වාහනවලට ගමන් කිරීම තහනම් කර තිබේ.

මේ පාලමේ ඇණ හා යකඩ කොටස් ද පසුගිය කාලයේ හොරුන් ගලවා ගෙන යාමද පාලමේ අබලන් තත්ත්වයට තවත් හේතුවක් වූ බව බලධාරීන් ප්‍රකාශ කොට තිබේ.