දියේ ගීලි තරුණයින් දෙදෙනෙක් මරුට

කහටගස්දිගිලිය, ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 24 හා 34 යන වයස්වල පසුවන පොල්ගහවෙල හා පූජාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මොවුන් දෙදෙනා ඊයේ (20) සවස තවත් දෙදෙනකු සමග මත්පැන් පානය කර ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබෙයි.

කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.