රුසියානු සමූහාණ්ඩුවේ තානාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්

රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා පසුගිය 18 වැනිදා ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවිය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයට පැමිණි රුසියානු තානාපතිවරයා ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර සුහද සාකච්ඡාවක් සිදු කෙරිණි.

දෙරට අතර ද්වි-පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වැඩිදියුණු කිරීම පිළිබඳව මේ සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මේ අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. රුසියානු ආරක්‍ෂක උපදේශක කර්නල් Sergey Belyankin සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මේ අවස්ථාවට එක්විය.