ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි Carmen Moreno මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (18) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතාව මෙම හමුව මගින් තහවුරු විය.

ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ නැංවීමට ඉවහල් වූ GSP+ වෙළෙඳ යෝජනා ක්‍රමය සඳහා යුරෝපා සංගමය ලබා දුන් අඛණ්ඩ සහයෝගයේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. දූෂණය පිටුදැකීම සහ ආයෝජන මණ්ඩලය වැනි ආයතන ශක්තිමත් කිරීම තුළින් විදේශ ආයෝජන වැඩි කරගැනීම තම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.