සියෙරා ලියොන් ජනාධිපති කෙටි වේලාවකට ශ්‍රී ලංකාවට

ඔක්තෝබර් 21 සිට 26 වැනිදා දක්වා සැමෝවා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීමට යන අතරතුර කෙටි වේලාවක් සදහා සියෙරා ලියොන් ජනාධිපති ජුලියස් මාඩා බයෝ (Julius Maada Bio) අද (20) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම සංචාරය පෞද්ගලික වුවද විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා, ජනාධිපතිජුලියස් මාඩා බයෝ හමුවනු ඇතැයි වාර්තාවේ.

සියෙරා ලියොන් ජනාධිපතිවරයා නිල සංචාරයක් නොවුනද ඔහු රැඳී සිටින කාලය තුළ ඔහුට VVIP ආරක්ෂාව සහ පහසුකම් ලැබෙනු ඇත.