ගාසාහි ළමුන් 140,000 කට වැඩි පිරිසකට දෙවන වටයේ පෝලියෝ එන්නත

දකුණු ගාසා තීරයේ ළමුන් 140,000 කට වැඩි පිරිසක් ඔවුන්ගේ දෙවන වටයේ පෝලියෝ එන්නත් ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එක්සත් ජාතීන්ගේ පෝලියෝ රෝගයට එරෙහි එන්නත් කිරීමේ ව්‍යාපාරයේ දෙවන අදියර දකුණු ගාසා තීරයේ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි එම වාර්තාවල දැක්වෙනේ

ඒ අනුව ඊයේ දිනයේ වයස අවුරුදු 10 ට අඩු ළමුන් 145,202 කට වැඩි පිරිසකට එන්නත් ලබා දී තිබෙනවා

ගාසා තීරයේ ප්‍රධාන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය වන UNRWA, පසුගිය සැප්තැම්බර් මාසයේ ආරම්භ කළ මෙම වැඩසටහන මගින් සෑම දරුවෙකුටම එන්නත් මාත්‍රා දෙකක් ලබා දීමට නියමිත අතර සති හතරක පරතරයකින් වට දෙකකින් එම මාත්‍රා ලබා දීමට නියමිතයි