වෙන­මම පුද්ග­ල­යකු පත් කර ගනි­මින් මැතිවරණ අපේ­ක්ෂ­ක­යන් ආදායම්-විය­දම් පව­ත්වා­ගෙන යා යුතුයි-පැෆ්රල් සංවි­ධා­නය

වෙනම ම පුද්ග­ල­යෙකු පත් කර ගනි­මින් මහ­මැ­ති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යන් සිය විය­දම් සහ ආදා­යම් වාර්තා පව­ත්වා­ගෙන යෑම සුදුසු බව පැෆ්රල් සංවි­ධා­නය පව­සයි.

එසේ නොවුණ හොත් පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ආදා­යම් විය­දම් වාර්තා ලබා දීමේ දී ඇතැම් අපේ­ක්ෂ­ක­යන්ට සිදුවූ අප­හ­සු­තා­ව­ලට මෙම අපේ­ක්ෂ­ක­යන්ට ද මුහුණ දීමට සිදු විය හැකි බව පෙන්වා දෙමින් එහි විධා­යක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි­ආ­රච්චි මහතා මේ බව කියා සිටි­යේය.

මේ සම්බ­න්ධ­යෙන් දැනු­වත් වීම වැද­ගත් බව පෙන්වා දෙන ඒ මහතා, ආදා­යම් විය­දම් වාර්තා මහ­මැ­ති­ව­ර­ණය අව­සන් වූ විගස සූදා­නම් කිරීම සඳහා වෙන­මම අයෙකු පත් කර ගැනී­මෙන් සිදු වන අප­හ­සුතා අවම කර ගැනී­මට හැකි බව ද පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ, ඊයේ (18) මාධ්‍ය­වේ­දීන් සිදු කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමිනි.