මේ වස­රේදී ශ්වසන ආසා­ද­න­යෙන් කරච්චි නුවර දරු­වන් සිය­යක් මිය ගිහින්

උගුර හා ශ්වසන ආසා­ද­න­යෙන් මේ වස­රේදී පාකි­ස්තා­නයේ කරච්චි නුවර දරු­වන් සිය­ය­කට වැඩි සංඛ්‍යා­වක් මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ සංඛ්‍යා­ලේ­ඛ­න­වල සඳ­හන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දරු­වන්ට අවශ්‍ය සෞඛ්‍ය පහ­සු­කම් අවම වීම හේතු­වෙන් මේ තත්ත්වය උදාවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. බැක්ටී­රියා මගින් බෝවෙන මේ උගුර හා ශ්වසන ආසා­ද­නය හේතු­වෙන් හෘද­යට හා ස්නායු­ව­ලට දැඩි හානි සිදු­වන බවත්, ඊට අවශ්‍ය ප්‍රති­ජී­වක එන්නත් හිඟ වීම එම ඛේද­ජ­නක මර­ණ­ව­ලට හේතුව බවත් කරච්චි නුවර සෞඛ්‍ය බල­ධා­රීන් තහ­වුරු කර ඇතැයි ද වාර්තා වේ. පසු­ගිය වස­රේදී එවැනි රෝගීන් 140ක් සහ මරණ 52ක් වාර්තා වූ බවත් කරච්චි නුවර සෞඛ්‍ය බල­ධා­රීන් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ.

මේ තත්ත්වය මඟ හරවා ගැනී­මට රජයේ මැදි­හ­ත්වීම අත්‍ය­වශ්‍ය බව පාකි­ස්තා­නයේ සෞඛ්‍ය විශේ­ෂ­ඥ­ව­රුන් ප්‍රකාශ කර ඇතැයි ද, දරු­වන් අතර උගුර හා ශ්වසන ආසා­දන වළ­ක්වා­ගැ­නී­මට පුළුල් ප්‍රති­ශ­ක්ති­ක­රණ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කළ යුතුව ඇතැයි ද සෞඛ්‍ය විශේ­ෂ­ඥ­ව­රුන් අව­ධා­ර­ණය කර තිබේ.