මේ වසරේ සැප්තැ­ම්බර් 30 දක්වා ඩීසල් භාවි­ත­යෙන් විදු­ලිය නිප­දවා ඇත්තේ 1.1%ක්-ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය

මේ වසරේ සැප්තැ­ම්බර් මස 30 දක්වා ඩීසල් භාවි­ත­යෙන් විදු­ලිය නිප­දවා ඇත්තේ සිය­යට 1.1ක ප්‍රමා­ණ­යක් පම­ණක් බව ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය අව­ධා­ර­ණය කරයි.

ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය විදු­ලිය නිප­ද­වීම සඳහා ඛනි­ජ­තෙල් ඉන්ධන වර්ග තුනක් භාවිත කරන අතර බැර තෙල් (HFO) – 2024 වර්ෂයේ දී සැප්තැ­ම්බර් මස 30 වැනි දිනට 715.3 GWh (මුළු විදුලි නිෂ්පා­ද­න­යෙන් සිය­යට 5.8), නැප්තා (Naphtha) – 2024 වර්ෂයේ දී සැප්තැ­ම්බර් මස 30 වැනි දිනට 235.5 GWh (මුළු විදුලි නිෂ්පා­ද­න­යෙන් සිය­යට 1.9) සහ ඩීසල් (Diesel) – 2024 වර්ෂයේ දී සැප්තැ­ම්බර් මස 30 වැනි දිනට 133.1 GWh (මුළු විදුලි නිෂ්පා­ද­න­යෙන් සිය­යට 1.1) ඒ අතර වන බව ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය පව­සයි.

බැර තෙල් (HFO) සහ නැප්තා (Naphtha) යන වර්ග දෙකම තෙල් පිරි­ප­හ­දුවේ අතුරු නිෂ්පා­දන බව පෙන්වා­දෙන එම මණ්ඩ­ලය වෙනත් සැප­යු­ම්ක­රු­වකු නොමැති බැවින් ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය මෙම ඉන්ධන ලංකා ඛණි­ජ­තෙල් නීති­ගත සංස්ථා­වෙන් මිලදී ගන්නේ අන්‍යෝන්‍ය වශ­යෙන් එකඟ වූ මිල­කට බව ද තර­ග­කාරී ලංසු තැබීම් මගින් ලංකා විදු­ලි­බල මණ්ඩ­ල­යට මිලදී ගත­හැකි එකම ඉන්ධ­නය ඩීසල් බව ද පෙන්වා දෙයි.

ඩීසල් සඳහා පම­ණක් බෙදා­හ­රි­න්නන් කිහිප දෙනෙකු සිටින අතර, ඔවු­න්ගෙන් සම­හ­රක් මෑතක දී සිය ව්‍යාපාර කට­යුතු ආරම්භ කර ඇති බව සඳ­හන් කරන එම මණ්ඩ­ලය කෙසේ වෙතත්, ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය මීට පෙර පැවති කළ­ම­නා­කා­රී­ත්වය යටතේ පවා විදුලි උත්පා­ද­නය සඳහා තර­ග­කාරී ලංසු මඟින් ඩීසල් මිලදී ගෙන නොමැති බවද විදුලි උත්පා­ද­නය සඳහා තර­ග­කාරී ලෙස ඩීසල් මිලදී ගැනී­මට එරෙ­හිව නව කළ­ම­නා­කා­රි­ත්වය කිසිදු තීර­ණ­යක් ගෙන නොමැති බව අව­ධා­ර­ණය කරයි.

ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය ඩීසල් ඉන්ධ­නය ආර්ථික වශ­යෙන් ශක්‍ය විදුලි උත්පා­දන වික­ල්ප­යක් ලෙස නොස­ල­කන අතර ඊට අම­ත­රව පිරි­සිදු බල ශක්තිය වෙත සංක්‍ර­ම­ණය වීම සඳහා ශ්‍රී ලංකාවේ විමෝ­චන ඉලක්ක සැල­කි­ල්ලට ගනි­මින් පරි­ව­ර්ත­නය වෙමින් පවතී. කෙසේ වෙතත්, වර්ත­මාන ජනන මිශ්‍ර­ණය සැල­කි­ල්ලට ගනි­මින් සහ අනෙ­කුත් විශාල විදුලි බලා­ගා­ර­වල බිඳ වැටුම් යථා තත්ත්ව­යට පත්කි­රීමේ කට­යු­තු­ව­ලදී පම­ණක් උප­රිම ඉල්ලුම සපු­රා­ලීම සඳහා ඩීසල් බලා­ගා­ර­වල අවම භාවි­ත­යක් අවශ්‍ය වන බව ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය කියයි.

විදුලි උත්පා­ද­නය සඳහා ඩීසල් භාවිත කිරීම අවම හා කෙටි කාලීන වනු ඇති අතර 2024 වර්ෂයේ දී සැප්තැ­ම්බර් මස 30 වැනි දිනට ඩීසල් භාවි­ත­යෙන් විදු­ලිය නිප­දවා ඇත්තේ සිය­යට 1.1ක ප්‍රමා­ණ­යක් පමණි. ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය සිය සියලු ව්‍යාපාර කට­යු­තු­ව­ලදී තර­ග­කාරී ක්‍රියා­ප­ටි­පා­ටිය සහ­තික කරන බවද සනාථ කරයි.