රටේ ආර්ථිකය යහපත් දිශානතියකට යොමු කරමින් මේ වසරේ මුල් මාස 08ක කාලයේ දී මෙරට රාජ්‍ය ආදායම සියයට 40.5 කින් ඉහළ ගොස් තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
පසුගිය 2023 වසරේ මුල් මාස 08ක කාලයට සාපේක්ෂව මෙම වර්ධනය පෙන්නුම් කරන අතර Pre-Election Budgetary Position Report 2024 ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි. ඒ අනුව 2024 ජනවාරි – අගෝස්තු කාලය තුළ බදු ආදායම් සහ බදු නොවන ආදායම් ද ඇතුළුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2,557.79 ක් බව කියා සිටී.
මෙම වකවානුව තුළ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2,348.53ක් ලෙස සටහන්ව ඇති අතර එයින් රුපියල් බිලියන 624.67ක් ආදායම් බදු ලෙසත්, රුපියල් බිලියන 1,421.34ක් භාණ්ඩ හා සේවා මත අය කරනු ලැබූ බදු ලෙසත් පෙන්වා දෙයි.
භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකයක් වූ VAT බදු ආදායම රුපියල් බිලියන 842.48ක් ලෙස දක්වා ඇති අතර එය සියයට 87.2කින් වැඩි වී තිබීම විශේෂත්වයකි. මීට අමතරව සුරාබදු ආදායම මෙම වකවානුව තුළ දී රුපියල් බිලියන 385.74ක් ලෙස දක්වා ඇති අතර එය සියයට 42 කින් ද මෙම මාස 08 ක කාලපරිච්ඡේදය තුළ දී ඉහළ ගොස් තිබේ.
බදු නොවන ආදායම රුපියල් බිලියන 209.26ක් දක්වා සියයට 31.7 කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
කෙසේ වුවද මේ වසරේ අවසානය වනවිට ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,107ක් බව ද මුදල් අමාත්‍යාංශ්‍ය පෙන්වා දෙයි.