බංග්ලා­දේශ ක්‍රීඩ­ක­ය­කුගේ කනට ගහලා විෂ­මා­චාර කළ බවට චෝදනා මැද බංග්ලා­දේශ ක්‍රිකට් හතු­රු­සිංහ කපා දමයි

බංග්ලා­දේශ ක්‍රිකට් ආය­ත­නය හදිසි රැස්වී­මක් කැඳවා පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මහ­තාගේ සේවය තහ­නම් කිරී­මට තීර­ණය කරයි. ඒ සමඟ බංග්ලා­දේශ ක්‍රිකට් සභා­පති ෆාරුක් අහ­මඩ් විසින් එම පුහු­ණු­කරු ධූරය බට­හිර ඉන්දීය කොදෙව් පිලේ ෆිල් සිමන්ස් වෙත පවරා ඇති බව නිවේ­ද­නය කළේය. පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මහතා තන­තු­රෙන් පහ­කළේ විනය හේතූන් මත බවත්, පසු­ගිය වසරේ පැවැති ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී බංග්ලා­දේශ ක්‍රීඩ­ක­යෙ­කුගේ කනට පහ­ර­දී­මක් වාර්තා වූ බවත්, ක්‍රිකට් සභා­ප­ති­ව­රයා මාධ්‍ය­යට පවසා ඇත.

“හතු­රු­සිංහ නුසු­දුසු හැසි­රීම් දෙක­කට මුහුණ දී සිටි­නවා. පළමු නඩුව වන්නේ ක්‍රීඩ­ක­යෙ­කුට අතක් එස­වී­මයි. දෙව­නුව, ඔහු තම කොන්ත්‍රා­ත්තුවේ නියම කර ඇති ප්‍රමා­ණ­යට වඩා වැඩි දින ගණ­නක් නිවාඩු ලබා තිබෙ­නවා. ඉන්දි­යාවේ පැවති එක්දින ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය අත­ර­තුර ක්‍රීඩ­ක­යෙ­කුට පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් චන්දික හතු­රු­සිං­හට චෝදනා එල්ල වුණා. බංග්ලා­දේශ ක්‍රිකට් පාලක මණ්ඩ­ලය චෝදනා විම­ර්ශ­නය කළා” ක්‍රිකට් සභා­ප­ති­ව­රයා මාධ්‍ය වෙත පැව­සීය.

චන්දික හතු­රු­සිංහ වෙනු­වට ෆිල් සිමන්ස් මහතා 2025 චැම්පි­යන්ස් කුස­ලා­නය දක්වා තාව­කා­ලික ප්‍රධාන පුහු­ණු­කරු ලෙස කට­යුතු කරනු ඇත. සිමන්ස් පෙරේදා මිර්පූර් බන්ග්ලා ක්‍රීඩාං­ග­ණ­යේදී ක්‍රිකට් ක්‍රීඩ­ක­යින් හමුවී පුහුණු සැසි­යක් ආරම්භ කර තිබේ. කෙසේ වුවද හතු­රු­සිංහ මහතා 2025 චැම්පි­යන් කුස­ලා­නය දක්වා ගිවි­සුම් අත්ස­න්කොට ඇති බැවින් ඔහුට නීති­මය පිළි­ස­රණ පැතීමේ හැකි­යාව ඇත. හතු­රු­සිංහ ක්‍රීඩා බේරු­ම්කාර මණ්ඩ­ලය ඉදි­රියේ තම චෝදනා ඔප්පු කළ­හොත් විශාල වන්දි මුද­ලක් ගෙවී­මට බංග්ලා­දේශ ක්‍රිකට් ආය­ත­න­යට සිදුවේ.

56 හැවි­රිදි හතු­ර­සිංහ බංග්ලා­දේශ පුහු­ණු­කරු ලෙස පත් කරනු ලැබුවේ පසු­ගිය වසරේ පෙබ­ර­වාරි මාස­යේ­දීය. මෙය ඔහු කණ්ඩා­ය­මට එක්වූ දෙවන අව­ස්ථාව වූ අතර, බංග්ලා­දේශ ක්‍රිකට් සභා­පති ෆාරුක් අහ­මඩ් මහතා මෙයට සති කිහි­ප­ය­කට පෙර පත්වූ වහාම ප්‍රධාන පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මහතා නොබෝ දින­කින්ම තන­තු­රෙන් ඉවත් කරන බව ප්‍රසි­ද්ධි­යේම ප්‍රකාශ කර­මින් පුහු­ණු­කරු භූමි­කාව දැඩි ලෙස විවේ­ච­නය කළේය.

හතු­රු­සිංහ යටතේ බංග්ලා­දේ­ශය පසු­ගිය වසරේ එක්දින ලෝක කුස­ලා­න­යේදී සහ මෙවර විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී දුර්වල දස්කම් දැක්විය. මේ වසරේ පාකි­ස්තා­න­යට එරෙ­හිව බංග්ලා­දේ­ශය 2-0ක් ලෙස ටෙස්ට් තර­ගා­වලි ජය­ග්‍ර­හ­ණය කිරීම මේ ධුර කාලය තුළ ඔහුගේ හොඳම දස්කම් වේ.