නැඟෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කළ නව නිලධාරීහු පස් දෙනකු සඳහා ඊයේ (18) නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අතින් ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ආණ්ඩුකාර කාර්යාලයේදී පත්වීම් ලිපි පිළිගන්වනු ලැබීය.
මේ අනුව එම කොමිසමේ සභාපති ලෙස හිටපු දිසාපතිවරයකු වන බී.එච්.එන්. ජයවික්‍රම මහතා මෙහිදී මුල්ම පත්වීම ගත්තේය. කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අතිරේක දිසාපති කේ. අරුන්දව රාජා, හිටපු ප්‍රාදේශීය ලේකම්වරයකු වන ජී.එල්. ආරියදාස, විශ්‍රාමික පාඨශාලාචාර්ය එස්. හමීඩ් රෆයිඩීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු සම්බන්ධීකරණ ලේකම් එස්. මොහොමඩ් ඉක්රිම් යන මහත්වරු මෙහිදී ආණ්ඩුකාර අතින් පත්වීම් ලැබූහ.