නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ශ්රී ලංකා නාවික හමුදාවේ නැඟෙනහිර නාවික ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා අතර හමුවක් පසුගියදා (16) නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. නැඟෙනහිර නාවික ආඥාපතිවරයා පළමුව නව ආණ්ඩුකාරවරයා වෙත සුබපැතුම් එක් කරමින් සුහද කතාබහක නිරත විය. නැඟෙනහිර පළාතේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වෙසෙන විශාල වෙරළබඩ ප්රදේශයක් ඇති බැවින් පළාතේ නාවික ආරක්ෂාව සහ ධීවරයන්ගේ ආරක්ෂාව ගැන මෙහිදී අදහස් හුවමාරු විය. මෙහිදී නැඟෙනහිර නාවික ආඥාපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා වෙත සමරු ඵලකයක් ද පිළිගැන්වීය.