දුෂාන්ගේ සුපිරි පන්දු යැවීම අපතේ යයි-‘ඒ’ තර­ගයේ ජය ඇෆ­ගන් පිලට

දුෂාන් හේම­න්තගේ සුපිරි පන්දු යැවීම අපතේ යව­මින් නැඟී එන කණ්ඩා­යම් අතර ආසි­යානු කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ­භාගි වූ පළමු තර­ග­යෙන් ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ කණ්ඩා­යම හමුවේ ලකුණු 11කින් පරා­ජ­යට පත් විය.

ඕමා­නයේ අල් ඇම­රට් ක්‍රීඩාං­ග­ණයේ ඊයේ රාත්‍රියේ පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ඇෆ්ගන් ‘ඒ’ පිල කඩුලු 7ක් දැවී ලකුණු 166ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­ය­මට ඕවර 19.3කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 155ක් පමණි.

නායක නුව­නිඳු ප්‍රනාන්දු පන්දු 32කින් ලකුණු 51ක් රැස් කර­මින් කණ්ඩා­යම ජය­ග්‍රාහී මාව­තට රැගෙන යෑමට උත්සාහ කළ අතර, ඔහුට සහා­යක් ලැබුණේ අහන් වික්‍ර­ම­සිං­හ­ගෙන් පමණි. අහන් පන්දු 18කින් ලකුණු 31ක් රැස් කළේය. ඉනිමේ අව­සන් කඩුලු 4 ලකුණු 13ක් තුළ බිඳ වැටී­මෙන් ශ්‍රී ලංකා පිලෙන් ජය­ග්‍ර­හ­ණය ගිලිහී ගියේය. පන්දු යැවී­මේදී ෆරි­ඩෝන් ඩාවු­ඩ්සායි කඩුලු 3ක්, මොහො­මඩ් ගස­න්ෆර් සහ බිලාල් සාමි කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළ­මුව පන්දු­වට පහර දුන් ඇෆ්ගන් ඉනි­මට වේග­වත් ආර­ම්භ­යක් දුන් සෙදි­කු­ල්ලාහ් අටල් සහ සුබ­යිඩ් අක්බාරි පළමු කඩු­ල්ලට ලකුණු 142ක් එක් කළේ පන්දු 95කිනි. පන්දු 46කින් ලකුණු 83ක් රැස් කළ අටල් දවා ගනි­මින් එම සබ­ඳ­තාව බිඳ දැමී­මට දුෂාන් හේමන්ත සමත් වූ අතර, අක්බාරි ලකුණු 57ක් ලබා සිටි­යදී දුවද්දි දැවී යෑමට හසු විය.

සෙසු කඩුලු 5 බිඳ දම­මින් ඇෆ්ගන් ඉනිම ලකුනු 166කින් නතර කිරී­මට දුෂාන්ට හැකි විය. ඔහු ඕවර 4දී ලකුණු 23ක් පම­ණක් දෙමින් කඩුලු 6 දවා ගත්තේය. එය ඔහුගේ හොඳම විස්සයි20 පන්දු යැවීම විය.

ශ්‍රී ලංකා පිල සහ­භාගි වන දෙවැනි තර­ගය හෙට හොංකොං පිලට එරෙ­හිව පැවැත්වේ.

ඇෆ්ගන් ‘ඒ’ – 166/7 (ඕවර 20) සෙදි­කු­ල්ලාහ් අටල් 83, සුබ­යිඩ් අක්බාරි 57 (දුෂාන් හේමන්ත 23/6)

ශ්‍රී ලංකා ‘ඒ’ – 155 (ඕවර 19.3) නුව­නිඳු ප්‍රනාන්දු 51 (ෆරි­ඩෝන් ඩාවු­ඩ්සායි 40/3, මොහො­මඩ් ගස­න්ෆර් 19/2, බිලාල් සාමි 19/2)