චිත්‍ර­පට සංස්ථාව පෞද්ග­ලික ආය­තන සමඟ තර­ග­කා­රි­ත්ව­යෙන් ඉදි­රි­යට යා යුතුයි-ඇමැති විජිත හේරත්

ජාතික චිත්‍ර­පට සංස්ථාව නූතන යුග­යට සරි­ලන පරිදි සකස් කළ යුතු බවත්, පෞද්ග­ලික ආය­තන හා සමඟ තර­ග­කා­රි­ත්ව­යෙන් ඉදි­රි­යට යා යුතු බවත්, බුද්ධ ශාසන ආග­මික කට­යුතු, ජාතික ඒකා­බ­ද්ධතා සමාජ ආර­ක්ෂණ සහ ජන­මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පව­සයි. ඒ මහතා මේ බව පැව­සුවේ ජාතික චිත්‍ර­පට සංස්ථා­වට සහ ශ්‍රී ලංකා පද­නම් ආය­ත­න­යට අධ්‍යක්ෂ මණ්ඩ­ලය පත් කර­මින් ජන­මාධ්‍ය අමා­ත්‍යංශ ශ්‍රව­ණා­ගා­ර­යේදී ඊයේ (18) පැවැති රැස්වීම් සභාව අම­ත­මිනි.

පසු­ගිය කාලයේ චිත්‍ර­පට නිද­හස් කිරී­මේදී ඒ සම්බ­න්ධ­යෙන් පෞද්ග­ලික හිත­ව­ත්කම් අදාළ වූ බවට චෝදනා තිබූ බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩ­ලය ඒ සම්බ­න්ධ­යෙන් මැදි­හත් වී සාධා­ර­ණව චිත්‍ර­පට නිද­හස් කිරීමේ කට­යුතු සිදු කළ යුතු බවත් පැවසූ අමා­ත්‍ය­ව­රයා 2004/ 2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු වර්ග නියෝ­ජ­නය කර­මින් සාමා­ජි­ක­යන් පත් කිරී­මට කට­යුතු කළ බවත්, දෙමළ සින­මාව කාර්මා­න්ත­යක් ලෙස මෙරට තුළ ඇති කිරී­මට මෙතෙක් හැකි වී නැති බවත්, දෙමළ සින­මාව ඉදි­රි­යේදී මෙරට තුළ කර්මා­න්ත­යක් ලෙස වර්ධ­නය විය යුතු බවත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පද­නම් ආය­ත­නය සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් අමා­ත්‍ය­ව­රයා පැව­සුවේ ඉකුත් සමයේ පද­නම් ආය­ත­නයේ තිබූ දුර්ව­ලතා වළ­ක්වා­ග­නි­මින් වත්මන් නිල­ධා­රීන් පද­නම් ආය­ත­නය පාල­නය කළ යුතු බවත්, ඍජු තීන්දු තීරණ ගත යුතු බවත්ය.