ගෝලීය හරිත වර්ධන ආය­ත­නයේ උප සභා­පති හා සම සභා­පති ධුර ශ්‍රී ලංකා­වට

ගෝලීය තිර­සර පාරි­ස­රික වටි­නා­කම් ආරක්ෂා කර ගැනීම වෙනු­වෙන් සාමා­ජික රට­වල අව­ධා­නය යොමු කරන 2024 [Global Green Growth Index (GGGI Summit)] ගෝලීය හරිත වර්ධන ආය­ත­නයේ උප සභා­පති හා සම සභා­පති ධුරය ශ්‍රී ලංකා­වට හිමිව තිබේ.

එම සමු­ළුව දකුණු කොරි­යාවේ සෝල් අග­න­ග­ර­යේදී සාර්ථ­කව පැවැති අතර, එම උප සභා­පති හා සම සභා­පති ධුරය දෙවැනි වර­ටත් පරි­සර, වන­ජීවී, වන සම්පත්, ජල සම්පා­දන, වැවිලි හා ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශයේ ලේකම් බී. කේ. ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති මහ­තාට හිමිව ඇත.

සාමා­ජික රට­වල් 48 ක් අත­රින් ඒ මහ­තාට මෙම තන­තුර හිමිව තිබෙන අතර, ශ්‍රී ලංකාව වෙනු­වෙන් විදේශ කට­යුතු, පරි­සර, වන­ජීවී, වන සම්පත්, ජල­ස­ම්පා­දන, වැවිලි හා ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති විජිත හේරත් මහතා නියෝ­ජ­නය කර­මින් පරි­සර, වන­ජීවී, වන සම්පත්, ජල­ස­ම්පා­දන, වැවිලි හා ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති මහතා මේ සඳහා එක්ව තිබේ.

මෙහිදී රැස්වීමේ සහ කවු­න්සි­ලයේ සභා­ප­ති­ව­රයා ලෙස බෑන් කී මූන් මහතා (Ban-Ki-Moon) කට­යුතු කළ අතර, එම සභාව සහ කවු­න්සි­ලයේ උප සභා­පති හා සම සභා­ප­ති­ව­රුන් ලෙස දකුණු කොරි­යාවේ දේශ­ගුණ විප­ර්යාස පිළි­බඳ නියෝජ්‍ය ඇමැති කීයන් චුන් මහතා සහ පරි­සර, වන­ජීවී, වන සංර­ක්ෂණ අමා­ත්‍යාං­ශයේ ලේකම් බී. කේ. ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති මහතා මෙම සමු­ළුවේ මුල­සුන දැරීය.

එසේම, මෙම සමු­ළුවේ දී ශ්‍රී ලංකා­වට පැරිස් සම්මු­තියේ 6 වන වග­න්තිය යටතේ කෘෂි­කර්ම, විදු­ලි­බල, කර්මාන්ත, ප්‍රවා­හන යනාදී ක්ෂේත්‍ර 6ක දේශ­ගුණ විප­ර්යාස අවම කර ගැනීම සඳහා මෙන්ම කාබන් වෙළෙ­ඳ­පෙ­ළෙහි නීති රීති බල­ගැ­න්වීම සඳහා ඩොලර් 779,000ක මුද­ලක් අනු­මත කර තිබෙන අතර, 2024 මෙවර සමු­ළුව ‘අවි­නි­ශ්චිත කාල­ව­ලදී හරිත වර්ධ­නය’ තේමාව යටතේ දකුණු කොරි­යාවේ සෝල් අග­නු­වර 13 වැනි සභා වාරය සහ 17 වැනි කවු­න්සි­ලයේ ඒකා­බද්ධ සැසි­වා­රය පැවැ­ත්විණි.

මෙහිදී වැඩි­දු­ර­ටත් සහ­යෝ­ගී­තාව සහ ඒකා­බද්ධ ප්‍රය­ත්න­යන් වැඩි­දි­යුණු කිරීමේ ක්‍රම පිළි­බ­ඳව සාකච්ඡා කිරී­මට, දේශ­ගු­ණික ක්‍රියා­කා­ර­කම් සහ පාරි­ස­රික මුල­පි­රීම් ඉහළ නැංවීම සඳහා විශේ­ෂඥ දැනුම හුව­මාරු කර ගැනීමේ මාර්ග නිර්මා­ණය කිරී­මට සහ හරිත ආර්ථි­ක­යක් කරා සංක්‍ර­ම­ණය වේග­වත් කිරී­මට සමු­ළුව තුළින් මූලික ලෙස අර­මුණු කළ අතර, ශ්‍රී ලංකාව ඒ සඳහා ගෙන ඇති තිර­සර ප්‍රවේ­ශ­යන් සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කෙරිණි.

එහිදී රටට බල­පාන ආර්ථික හා බල­ශක්ති අර්බු­ද­ව­ලින් ශ්‍රී ලංකාව යථා තත්ත්ව­යට පත්වීම මධ්‍යයේ, දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට මුහුණ දීමේ තීර­ණා­ත්මක අව­ශ්‍ය­තා­වය සහ වැද­ග­ත්කම සහ ශ්‍රී ලංකාවේ ජාතික වශ­යෙන් තීර­ණය කළ දාය­ක­ත්වය (NDC) ක්‍රියා­ත්මක කිරීම තුළින් රටේ හරිත වර්ධන සංක්‍රා­න්තිය වේග­වත් කිරීම සඳහා තීර­ණා­ත්මක අව­ශ්‍ය­තා­වය සහ වැද­ග­ත්කම සම්බ­න්ධ­යෙන් ද අව­ධා­නය යොමු විය. සමස්ත, දිගු කාලීන විස­ඳුම මෙන්ම හරිත ආර්ථි­ක­ය­කට සංක්‍ර­ම­ණය වීමට සහ 2050 වසර වන විට දේශ­ගු­ණික විප­ර්යාස ඉලක්ක සපු­රා­ලී­මට ශ්‍රී ලංකා රජයේ කැප­වීම අව­ධා­ර­ණය කෙරුණු අතර, 2030 වන විට කාබන් විමෝ­ච­නය සිය­යට 14.5 කින් අඩු කිරීම සහ එහි ශුද්ධ ශුන්‍ය 2050 වසර සඳහා සැලැස්ම හරහා කාබන් මධ්‍ය­ස්ථ­භා­වය ළඟා කර ගැනීම ශ්‍රී ලංකාව අර­මුණු කර­ගෙන සිටින බව මෙහිදී පෙන්වා දී තිබේ.